සූරා 4 · ජුස් 5
An-Nisa · 4:34
الرِّجَالُ قَوَّامُونَ عَلَى النِّسَاءِ بِمَا فَضَّلَ اللَّهُ بَعْضَهُمْ عَلَىٰ بَعْضٍ وَبِمَا أَنْفَقُوا مِنْ أَمْوَالِهِمْ ۚ فَالصَّالِحَاتُ قَانِتَاتٌ حَافِظَاتٌ لِلْغَيْبِ بِمَا حَفِظَ اللَّهُ ۚ وَاللَّاتِي تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَاهْجُرُوهُنَّ فِي الْمَضَاجِعِ وَاضْرِبُوهُنَّ ۖ فَإِنْ أَطَعْنَكُمْ فَلَا تَبْغُوا عَلَيْهِنَّ سَبِيلًا ۗ إِنَّ اللَّهَ كَانَ عَلِيًّا كَبِيرًا
පුරුෂයින් කාන්තාවන් මත වූ පාලකයෝය. හේතුව අල්ලාහ් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා උසස් කර ඇති බැවින් ද ඔවුන්ගේ ධනයෙන් ඔවුන් වියදම් කරන බැවින් ද වේ. (සැමියාට) අවනත වන දැහැමි කාන්තාවෝ අල්ලාහ් ආරක්ෂා කර ඇති පරිදි ගුප්ත දෑ සුරක්ෂිත කරන අය වෙති. ඔවුන්ගේ අඩදබර ගැන නුඹලා බියවන අයට නුඹලා උපදෙස් දෙනු. තවද නිදියහනින් ඔවුන් ව නුඹලා දුරස් කරනු. තවද ඔවුනට (සැහැල්ලුවෙන්) ගසනු. ඉන්පසුව ඔවුන් නුඹලාට අවනත වූයේ නම් ඔවුන් කෙරෙහි (වෙනත් වැරදි ඉදිරිපත් කරමින්) මඟක් නොසොයනු. සැබැවින්ම අල්ලාහ් අති උත්තරීතර අති මහත් විය.
තෆ්සීර්
කාන්තාවන් මෙහෙයවනු ලබනුයේ පුරුෂයින් විසිනි. ඔවුන්ගේ කටයුතු මොවුන් ක්රියාත්මක කරනු ඇත. එය අල්ලාහ් විසින් පුරුෂයින් කාන්තාවන්ට වඩා උසස් කොට පෙන්වා ඇති බැවිණි. එමෙන්ම ඔවුන්ගේ නඩත්තු වියදම් හා ඔවුන්ගේ කටයුතු වලදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම පුරුෂයින්ට අනිවාර්යය කර ඇති බැවිණි. දැහැමි කාන්තාවන් තම පරමාධිපතිට අවනත වනවාක් මෙන්ම තම ස්වාමි පුරුෂයින්ටත් අවනත වෙති. අල්ලාහ් ඔවුනට පිරිනමා ඇති භාග්යය හේතුවෙන් ඔවුන්ගේ රහස් මොවුන් විසින් ආරක්ෂා කරති. වචනයෙන් හෝ ක්රියාවෙන් හෝ තම ස්වාමිපුරුෂයින්ට අවනතවීමෙන් ඔවුන් ඉවත් වනු ඇතැයි බිය වන කාන්තාවන් සම්බන්ධයෙන් වනාහි අහෝ ස්වාමිපුරුෂයිනි, ඔවුනට අල්ලාහ් පිළිබඳ සිහිපත් කොට බිය ගන්වමින් කටයුතු ආරම්භ කරනු. ඔවුන් ඊට ප්රතිචාර නොදැක්වූයේ නම් නිදියහනින් ඔවුන් ඈත් කරනු. එනම් සංසර්ගයේ යෙදීමෙන් ඉවත් ව හැරී සිටිනු. එයට ද ඔවුන් ප්රතිචාර නොදැක්වූයේ නම් තුවාල නොවන තරමට ඔවුනට තරවටු කරනු. එසේ ඔවුන් අවනත වීම සඳහා නැවත හැරෙන්නට අපේක්ෂා කරන්නේ නම් ඔවුනට අපරාධ හෝ දඬුවම් පමුණුවා සීමාව ඉක්මවා කටයුතු නොකරනු. නියත වශයෙන්ම සියල්ලට ඉහළින් අල්ලාහ් සිටියි. ඔහුගේ පැවත්මෙහි හා ගුණාංගයෙහි ඔහු උදාරය. එහෙයින් නුඹලා ඔහුට බිය වනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න