සූරා 4 · ජුස් 5

An-Nisa · 4:33

وَلِكُلٍّ جَعَلْنَا مَوَالِيَ مِمَّا تَرَكَ الْوَالِدَانِ وَالْأَقْرَبُونَ ۚ وَالَّذِينَ عَقَدَتْ أَيْمَانُكُمْ فَآتُوهُمْ نَصِيبَهُمْ ۚ إِنَّ اللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدًا

(ස්ත්‍රී පුරුෂ) සෑම කෙනෙකුටම දෙමාපියන් ද සමීප ඥාතීන් ද අතහැර දමා ගිය දෑ ට භාරකරුවන් පත් කළෙමු. නුඹලාගේ දිවුරුම් ගිවිස ගත් උදවියට ඔවුන්ගේ කොටස ඔවුනට පිරිනමනු. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සාක්ෂිකරුය.

තෆ්සීර්

නුඹලා අතුරින් සෑම කෙනෙකුටම තම දෙමාපියන් හා ඥාතීන් විසින් හැර දමා යන දෑ සඳහා පසුඋරුමකම්පාන භාරකාර සම්බන්ධතාවක් අපි ඇති කර ඇත්තෙමු. සහය ලබා දී උපකාර කිරීම සඳහා නුඹලා ඔවුන් සමග ස්ථීර දිවුරුමක් ගිවිස ගෙන ඇත්නම්, ඔවුන්ගේ කොටස ඔවුනට ලබා දෙනු. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය. ඔහුගේ එම සාක්ෂි අතුරින් නුඹලාගේ දිවුරුම හා නුඹලාගේ මෙම ගිවිසුම් ද එකකි. ඉස්ලාමය ආරම්භ කාලයේ දිවුරුම මගින් පසු උරුමය ලබන නීතිය පැවතුණ ද පසු ව එය වෙනස් කරන ලදී.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න