සූරා 4 · ජුස් 5

An-Nisa · 4:32

وَلَا تَتَمَنَّوْا مَا فَضَّلَ اللَّهُ بِهِ بَعْضَكُمْ عَلَىٰ بَعْضٍ ۚ لِلرِّجَالِ نَصِيبٌ مِمَّا اكْتَسَبُوا ۖ وَلِلنِّسَاءِ نَصِيبٌ مِمَّا اكْتَسَبْنَ ۚ وَاسْأَلُوا اللَّهَ مِنْ فَضْلِهِ ۗ إِنَّ اللَّهَ كَانَ بِكُلِّ شَيْءٍ عَلِيمًا

තවද නුඹලාගෙන් ඇතැමෙකු ව ඇතැමෙකුට වඩා අල්ලාහ් කවර දෙයකින් උසස් කොට ඇත්තේ ද එවැනි දෙයකට නුඹලා ආශා නොකරනු. පුරුෂයින්ට තමන් ඉපැයූ දැයින් කොටසක් ඇත. එමෙන්ම කාන්තාවන්ට ද තමන් ඉපැයූ දැයින් කොටසක් ඇත. තවද නුඹලා අල්ලාහ්ගෙන් ඔහුගේ භාග්‍යය පතනු. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය.

තෆ්සීර්

අහෝ! දේව විශ්වාසී ගැත්තනි, නුඹලා අතර වූ ඇතෙමෙකුට ඇතැමෙකු වඩා කවර ආශිර්වාදයක් අල්ලාහ් පිරිනමා ඇත්තේද ඒ සම්බන්ධයෙන් නුඹලා ආශා නොකරනු. එය ක්රෝධය හා ඊර්ෂ්යාවෙන් කටයුතු නොකරන්නට හේතුවක් වනු ඇත. එමෙන්ම කවර කරුණක් අල්ලාහ් පුරුෂ පාර්ශවයට නියම කර ඇත්තේද ඒ ගැන කාන්තා පාර්ශවය ආශා කිරීමට අවශ්යතාවක් නැත. සෑම පාර්ශවයකටම ඔවුනොවුන්ට සුදුසු පරිදි ඒ ඒ භාග්යයන් පිරිනමා ඇත. එබැවින් අල්ලාහ් පිරිනමා ඇති දායාදයන් අධික කර දෙන මෙන් නුඹලා ඔහුගෙන් පතනු. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ මැනවින් දන්නාය. සෑම වර්ගයකටම එයට ගැළපෙන දෑ ඔහු පිරිමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න