සූරා 4 · ජුස් 5

An-Nisa · 4:31

إِنْ تَجْتَنِبُوا كَبَائِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَنُدْخِلْكُمْ مُدْخَلًا كَرِيمًا

කවර දෙයක් නුඹලාට තහනම් කරනු ලැබුවේ ද එවැනි මහා පාපයන්ගෙන් නුඹලා වැළකුණේ නම් අපි නුඹලාගේ (සුළු) පාපයන් නුඹලාගෙන් ඉවත් කරන්නෙමු. තවද නුඹලා ව ගෞරවනීය පිවිසෙන ස්ථානයකට අපි ඇතුළත් කරන්නෙමු.

තෆ්සීර්

අහෝ! දේව විශ්වාසී ජනයිනි, අල්ලාහ්ට ආදේශ තැබීම දෙමාපියන්ට හිංසා කිරීම ජීවිතයක් ඝාතනය කිරීම පොළිය අනුභව කිරීම වැනි මහා පාපකම් වලින් නුඹලා දුරස් වන්නෙහු නම් නුඹලා විසින් සිදුවන කුඩා පාපයන් අපි මකා දමා ඒවා ඉවත් කොට ඒ ගැන නොසලකා හරින්නෙමු. අල්ලාහ් අබියස වූ ගෞරවනීය ස්ථානයට අපි නුඹලා ව ඇතුළත් කරන්නෙමු. එය ස්වර්ගයයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න