සූරා 4 · ජුස් 5

An-Nisa · 4:30

وَمَنْ يَفْعَلْ ذَٰلِكَ عُدْوَانًا وَظُلْمًا فَسَوْفَ نُصْلِيهِ نَارًا ۚ وَكَانَ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرًا

කවරෙකු සීමාව ඉක්මවා යමින් හා අයුක්ති සහගත ලෙසින් එය සිදු කරන්නේ ද එවිට අපි ඔහු ව නිරයට ඇතුළත් කරන්නෙමු. එය අල්ලාහ්ට පහසු කාර්යයක් විය.

තෆ්සීර්

කවර කරුණක් තහනම් කර ඇත්තේ ද එවැන්නක් කවරෙකු විසින් සිදු කොට අනුන්ගේ වස්තුව අනුභව කරමින් එහි ඉක්මවා ගොස් නොදැනුවත්කම හෝ වැරදීමකින් නොව දැන දැනම මිනී මැරුම් වැනි අපරාධ කරමින් සීමාව ඉක්මවා කටයුතු කරන්නේද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එවැන්නන් දැවැන්ත නිරා ගින්නට අල්ලාහ් ඇතුළත් කරනු ඇත. ඔහු එහි උණුසුම විඳවනු ඇත. එහි දඬුවම ඔහුට ඉතා ගැළපෙන්නකි. කිසිවක් අල්ලාහ් පරාජය කළ නොහැකි බැවින් එය ඔහුට පහසු කාර්යයක් විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න