සූරා 4 · ජුස් 5
An-Nisa · 4:29
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَأْكُلُوا أَمْوَالَكُمْ بَيْنَكُمْ بِالْبَاطِلِ إِلَّا أَنْ تَكُونَ تِجَارَةً عَنْ تَرَاضٍ مِنْكُمْ ۚ وَلَا تَقْتُلُوا أَنْفُسَكُمْ ۚ إِنَّ اللَّهَ كَانَ بِكُمْ رَحِيمًا
අහෝ ! විශ්වාස කළවුනි, නුඹලා අතර එකඟතාවයකින් යුතු ව්යාපාරයකින් හැර නුඹලාගේ වස්තුව නුඹලා වැරදි ලෙස අනුභව නොකරනු. තවද නුඹලා (ගැටලු ඇති කර ගනිමින්) නුඹලාවම ඝාතනය නොකරනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කෙරෙහි අසමසම කරුණාන්විතය.
තෆ්සීර්
අහෝ! අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි, ගනුදෙනු කරුවන් දෙදෙනකුගේ එකඟතාවෙන් සිදුවන ව්යාපාරයකින් ලැබෙන ධනයක් වී නම් මිස සොරකම, මංකොල්ලය, අල්ලස් වැනි නිත්යනුකූල නොවන අයුරින් නුඹලා තවකෙනෙකුගේ ධනය සූරා නොගනන්න. එසේ නිත්යනුකූල ව ඉපැයූ ධනය අනුභව කිරීමත්, එහි ගනුදෙනු කිරීමත් නුඹලාට අනුමැතිය ඇත. නුඹලා තවකෙකු ඝාතනය නොකරන්න. එමෙන්ම නුඹලා අතරින් කිසිවකු ඔහුවම ඝාතනය කර නොගත යුතුය. විනාශ මුඛය කරා එමගින් ඔහු සේන්දු නොවිය යුතුය. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කෙරෙහි මහා කාරුණිකය. නුඹලාගේ ජීවිත, නුඹලාගේ ධනය හා නුඹලාගේ මානය සුරක්ෂා කිරීම ඔහුගේ කරුණාගුණයෙන් යුක්ත වූවකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න