සූරා 4 · ජුස් 5
An-Nisa · 4:26
يُرِيدُ اللَّهُ لِيُبَيِّنَ لَكُمْ وَيَهْدِيَكُمْ سُنَنَ الَّذِينَ مِنْ قَبْلِكُمْ وَيَتُوبَ عَلَيْكُمْ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
නුඹලාට (මේවා) පැහැදිලි කිරීමටත් නුඹලාට පෙරවූවන්ගේ පිළිවෙත නුඹලාට පෙන්වා දීමටත් නුඹලාට සමාව දීමටත් අල්ලාහ් අපේක්ෂා කරයි. තවද අල්ලාහ් සර්ව ඥානීය. සර්ව ප්රඥාවන්තය.
තෆ්සීර්
නුඹලාට මෙම නීති රාමුවන් ආගමානුගත කිරීමෙන් අල්ලාහ් අපේක්ෂා කරනුයේ ඔහුගේ දහමේ හා ආගමික නීතිරීති වල ඇති උසස්භාවයත් මෙලොව හා මතු ලොවෙහි නුඹලාට එහි පවතින යහපතත් පැහැදිලි කිරීමටය. එමෙන්ම නුඹලා නබිවරුන් අනුගමනය කරනු පිණිස හලාල් (අනුමත) කිරීම, හරාම් (තහනම්) කිරීම, ඔවුන් ආවරණය කරමින් පැවතුණු ගෞරවය, ඔවුන්ගේ ප්රශංසනීය චරිතය යනාදී විෂයයන් සම්බන්ධයෙන් නුඹලාට මග පෙන්වීමටත් ඔහු අපේක්ෂා කරයි. එමෙන්ම පිටුපෑමෙන් දුරස් වී ඔහුට අවනත වීම සඳහා නුඹලා ව යොමු කිරීමටත් ඔහු අපේක්ෂා කරයි. අල්ලාහ් තම ගැත්තන්ට කවර කරුණක යහපත ඇත්තේදැයි මැනවින් දන්නාය. ඔහු එය ඔවුනට ආගමානුගත කරයි. ඔහු ආගමානුගත කිරීමෙහි මහා ප්රඥාවන්තය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න