සූරා 4 · ජුස් 5
An-Nisa · 4:25
وَمَنْ لَمْ يَسْتَطِعْ مِنْكُمْ طَوْلًا أَنْ يَنْكِحَ الْمُحْصَنَاتِ الْمُؤْمِنَاتِ فَمِنْ مَا مَلَكَتْ أَيْمَانُكُمْ مِنْ فَتَيَاتِكُمُ الْمُؤْمِنَاتِ ۚ وَاللَّهُ أَعْلَمُ بِإِيمَانِكُمْ ۚ بَعْضُكُمْ مِنْ بَعْضٍ ۚ فَانْكِحُوهُنَّ بِإِذْنِ أَهْلِهِنَّ وَآتُوهُنَّ أُجُورَهُنَّ بِالْمَعْرُوفِ مُحْصَنَاتٍ غَيْرَ مُسَافِحَاتٍ وَلَا مُتَّخِذَاتِ أَخْدَانٍ ۚ فَإِذَا أُحْصِنَّ فَإِنْ أَتَيْنَ بِفَاحِشَةٍ فَعَلَيْهِنَّ نِصْفُ مَا عَلَى الْمُحْصَنَاتِ مِنَ الْعَذَابِ ۚ ذَٰلِكَ لِمَنْ خَشِيَ الْعَنَتَ مِنْكُمْ ۚ وَأَنْ تَصْبِرُوا خَيْرٌ لَكُمْ ۗ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ
විශ්වාසවන්ත නිදහස් කාන්තා වන් විවාහ කර ගැනීමට නුඹලා අතුරින් කවරෙකුට වත්කම් නොමැත්තේ ද එවිට නුඹලාගේ දකුණත් (වහල් වශයෙන්) හිමි කර ගත් කාන්තාවන් අතුරින් නුඹලා අතර සිටින විශ්වාස වන්ත වහල් කාන්තාවන් (විවාහ) විය යුතුය. තවද අල්ලාහ් නුඹලාගේ විශ්වාසය පිළිබඳ මැනවින් දන්නාය. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුගෙනි. එබැවින් නුඹලා ඔවුන්ගේ පවුලේ (භාරකරුවන්ගේ) අනුමැතිය මත පතිවත රකින ප්රසිද්ධියේ දුරාචාරයේ නොයෙදන එමෙන්ම රහසිගත ව හෝ දුරාචාරයේ නොයෙදන කාන්තා වන් ව ඔවුනට ඔවුන්ගේ කුලී (මහර්) ලබා දී නුඹලා විවාහ කර ගනු. විවාහ කරනු ලැබ පසුව ඔවුන් අශික්ෂිත දෙයක් රැගෙන ආවේ ද එවිට නිදහස් කාන්තාවන් මත පැවරෙන දඬුවමින් අඩක් ඔවුනට හිමි වේ. මෙය නුඹලා අතුරින් දුරාචාරයේ යෙදීම ගැන බිය වන අයටය. නමුත් නුඹලා ඉවසිල්ලෙන් කටයුතු කිරීම නුඹලාට උතුම් ය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය.
තෆ්සීර්
අහෝ පුරුෂයිනි, නුඹලා අතුරින් කවරෙකුට හෝ නිදහස් කාන්තාවන් විවාහ කර ගැනීමට තරම් ප්රමාණවත් මුදලක් නොමැත්තේ නම් එවිට වෙනත් අයට හිමි දේව විශ්වාස කරන වහල් කාන්තාවන් හා විවාහ වීම ඔහු කෙරෙහි වරදක් වන්නේ නැත. නුඹලාගේ විශ්වාසයේ සත්යතාව හා නුඹලාගේ අභ්යන්තර තත්ත්වයන් අල්ලාහ් මැනවින් දන්නාය. මිනිසත්කම හා දහම යන විෂයන්හි නුඹලා හා ඔවුන් එක සමානය. එහෙයින් ඔවුන් හා විවාහ වීමට අකමැති නොවන්න. ඔවුන්ගේ හිමිකරුවන්ගේ අනුමැතිය ඇති ව විවාහ වන්න. ඔවුන්ගේ මහරයේ අඩුකිරීමක් හෝ වැඩිකිරීමක් හෝ සිදු නොකොට ලබා දෙන්න. එය ඔවුන් ප්රසිද්ධියේ ගණිකාවන් නොවන හා රහසිගත ව දුරාචාරය සඳහා සල්ලාලයින් විසින් ගනු නොලබන, පතිවත රකින කාන්තාවන් නම් පමණි. නමුත් ඔවුන් විවාහ වීමෙන් පසු කාමයේ වරදවා හැසිරුණු විට නිදහස් කාන්තාවන්ට දෙනු ලබන දඬුවමින් අඩක් ඔවුනට පිරිනැමිය යුතුය. එනම් විවාහක නිදහස් කාන්තාව කාමයේ වරදවා හැසිරුණු විට පිරිනමන දඬුවමට වෙනස් වූ කසපහරවල් පනහකි. ඔවුන් ගල්ගසා මරනු ලබන්නේ නැත. පතිවත රකින, දේව විශ්වාසී වහල් කාන්තාවන් විවාහ වීම සම්බන්ධයෙන් ඉහත සඳහන් කළ කරුණු නිදහස් කාන්තාවන් විවාහ වීමට හැකියාව නොදරන, කාමයේ වරදවා හැසිරෙන්නට ඉඩ ඇතැයි බිය වන පුද්ගලයකුට පිරිනමා ඇති අනුමැතියක් හා විකල්ප ක්රමයකි. නමුත් තම දරුවන් වහල් භාවයට පත්වීමෙන් ආරක්ෂා කර ගනු පිණිස වහල් කාන්තාවන් විවාහ නොවී සිටීම වඩාත් යහපත්ය. පාප සමාව අයැද අල්ලාහ් වෙත හැරෙන ඔහුගේ ගැත්තන්හට ඔහු අති ක්ෂමාශීලීය. කාමයේ වරදවා හැසිරීමේ බියක් ඇති වූ විට නිදහස් කාන්තාවන් විවාහ වීමට හැකියාවක් නොමැති තත්ත්වයක වහල් කාන්තාවන් විවාහ වීම ආගමානගත කොට තිබීම ඔහුගේ කරුණාගුණයෙන් වූවකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න