සූරා 4 · ජුස් 5
An-Nisa · 4:24
۞ وَالْمُحْصَنَاتُ مِنَ النِّسَاءِ إِلَّا مَا مَلَكَتْ أَيْمَانُكُمْ ۖ كِتَابَ اللَّهِ عَلَيْكُمْ ۚ وَأُحِلَّ لَكُمْ مَا وَرَاءَ ذَٰلِكُمْ أَنْ تَبْتَغُوا بِأَمْوَالِكُمْ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ ۚ فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً ۚ وَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَاضَيْتُمْ بِهِ مِنْ بَعْدِ الْفَرِيضَةِ ۚ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا
(යුද සිරකාරියන් අතුරින්) නුඹලාගේ දකුණත් හිමි කර ගත් අය හැර සෙසු විවාහක කාන්තාවන් (අනුමත නොවන්නේය. එය) නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ නියමයක් ලෙසිනි. නමුත් එයට ඔබ්බෙන් වූ අය ව්යභිචාරයෙන් තොරව නුඹලාගේ සම්පත් (පිරිනැමීම) තුළින් සෙවීම නුඹලාට අනුමත කරන ලදී. එබැවින් ඔවුන් සමඟ කවර දෙයක නුඹලා පහස විඳින්නෙහු ද ඒ වෙනුවෙන් වගකීමක් වශයෙන් ඔවුන්ගේ කුලී(මහර්) නුඹලා ලබා දෙනු. (මහර්) නියම කළ පසු (මහර් හි අඩු වැඩි කිරීම සම්බන්ධයෙන්) කවර දෙයක් පිළිබඳ ව නුඹලා එකිනෙකා එකඟතාවට පැමිණෙන්නේ ද එහි නුඹලාට වරදක් නැත. සැබැවින්ම අල්ලාහ් සර්ව ඥානීය සර්ව ප්රඥාවන්තය.
තෆ්සීර්
අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද්හි නිරත ව තමන් සතු කර ගත් යුද සිරකාරියන් හැර විවාහක සෙසු කාන්තාවන් විවාහ වීම තහනම්ය. ඔවුන් සමග ඇසුරු කිරීමට නුඹලාට අනුමැතිය ලැබෙන්නේ ඔසප් වාරයෙකින් පසු ඔවුන්ගේ ගර්භාෂ නිදොස් වූවායින් පසුවය. එය අල්ලාහ් නුඹලාට අනිවාර්ය කොට ඇත. ඒ හැර සෙසු කාන්තාවන් විෂයයෙහි ව්යභිචාරයෙන් තොර ව ඔවුන්ගේ පතිවත හා නුඹලාගේ පතිවත රැකෙන අනුමත අයුරින් නුඹලාගේ සම්පත් ඔවුනට පිරිනමා ඔවුන් විවාහ කර ගැනීම නුඹලාට අල්ලාහ් අනුමත කර ඇත. විවාහය තුළින් නුඹලා ඔවුන් සමග පහස විඳ ඇත්නම් නුඹලාට අල්ලාහ් අනිවාර්යය කළ මහර් නුඹලා ඔවුනට පිරිනමන්න. මහර් ප්රමාණය තීන්දු කළ පසු ව නුඹලා අතර එකඟතාවකින් යුතු ව එයට වඩා වැඩියෙන් හෝ යමක් අඩුවෙන් හෝ පිරිනැමීම නුඹලා කෙරෙහි වරදක් නැත. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ මැවීම් සම්බන්ධයෙන් මැනවින් දන්නාය. ඔවුන්ගෙන් කිසිවකු ඔහුට සැඟවෙන්නේ නැත. සැලසුම් කිරීමෙහි හා ආගමානුගත කිරීමෙහි අල්ලාහ් මහත් ප්රඥාවන්තය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න