සූරා 4 · ජුස් 4

An-Nisa · 4:23

حُرِّمَتْ عَلَيْكُمْ أُمَّهَاتُكُمْ وَبَنَاتُكُمْ وَأَخَوَاتُكُمْ وَعَمَّاتُكُمْ وَخَالَاتُكُمْ وَبَنَاتُ الْأَخِ وَبَنَاتُ الْأُخْتِ وَأُمَّهَاتُكُمُ اللَّاتِي أَرْضَعْنَكُمْ وَأَخَوَاتُكُمْ مِنَ الرَّضَاعَةِ وَأُمَّهَاتُ نِسَائِكُمْ وَرَبَائِبُكُمُ اللَّاتِي فِي حُجُورِكُمْ مِنْ نِسَائِكُمُ اللَّاتِي دَخَلْتُمْ بِهِنَّ فَإِنْ لَمْ تَكُونُوا دَخَلْتُمْ بِهِنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ وَحَلَائِلُ أَبْنَائِكُمُ الَّذِينَ مِنْ أَصْلَابِكُمْ وَأَنْ تَجْمَعُوا بَيْنَ الْأُخْتَيْنِ إِلَّا مَا قَدْ سَلَفَ ۗ إِنَّ اللَّهَ كَانَ غَفُورًا رَحِيمًا

නුඹලාගේ මව්වරුන් ද නුඹලාගේ දූවරුන් ද නුඹලාගේ සහෝදරියන් ද නුඹලාගේ පියාගේ සහෝදරියන් (නැන්දාවරුන්) ද නුඹලාගේ මවගේ සහෝදරියන් ද (නුඹලාගේ) සහෝදරයාගේ දූවරුන් ද සහෝදරියගේ දූවරුන් ද නුඹලාට කිරි පෙවූ නුඹලාගේ මව්වරුන් ද කිරි පෙවීම හේතු වෙන් වූ නුඹලාගේ සහෝදරියන් ද නුඹලාගේ බිරින්දෑවරුන්ගේ මව්වරුන් ද නුඹලා ඔවුන් සමඟ (විවාහ ජීවිතයට) ඇතුළත් වූ බිරින්දෑ වරුන්ගෙන් (පෙර විවාහයකින් ඉපද) නුඹලාගේ උකුලෙහි හැදී වැඩුණු නුඹලාගේ (බිරියගේ) දූරුවන් ද නුඹලාට (විවාහ වීමට) තහනම් කරන ලදී. නමුත් නුඹලා ඔවුන් (එම බිරියන්) සමඟ (ලිංගික ඇසුරු කමට) අතුළත් නොවූයේ නම් (එම දූවරුන් විවාහ කර ගැනීම) නුඹලාට වරදක් නැත. නුඹලා ගේ කොඳුනාරටියෙන් බිහි වූ නුඹලාගේ දරුවන්ගේ බිරින්දෑ වරුන් (ලේලියන්) ද, ඉකුත් වී ගිය දෑ හැර, සහෝදරි යන් දෙදෙනෙකු නුඹලා (බිරියන් වශයෙන්) එකට තබා ගැනීම ද තහනම් කරන ලදී. නියත වශයෙන් ම අල්ලාහ් අති ක්ෂමාශීලී ය. පරම කරුණාභරිත ය.

තෆ්සීර්

නුඹලාගේ මව්වරුන් හා ඊට ඉහළින් සිටින පියාගේ හෝ මවගේ මව්වරුන් (ආච්චි) ද නුඹලාගේ දූවරුන් හා ඊට පහළින් සිටින දූවරුන්ගේ දූවරුන් හා එම දූවරුන්ගේ දූවරුන් මෙන්ම පුතාගේ දූවරුන් එම දූවරුන්ගේ දූවරුන් හා ඊට පහළින් සිටින අය ද නුඹලාගේ දෙමාපියන් විසින් දාව නුඹලාගේ සහෝදරියන් හෝ ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකුගෙන් දාව සහෝදරියන්ද නුඹලාගේ පියාගේ සහෝදරියන් මෙන්ම නුඹලාගේ පියා හෝ මවගේ මව්පියන්ගේ සහෝදරියන් හා ඊට ඉහළින් සිටින්නන් ද නුඹලාගේ පියාගේ සහෝදරියන් මෙන්ම නුඹලාගේ පියා හෝ මවගේ සහෝදරියන් හා ඊට ඉහළින් සිටින්නන්ද නුඹලාගේ සහෝදරයාගේ දූවරුන් සහෝදරියගේ දූවරුන් හා එම දූවරුන් ගේ දූවරුන් වශයෙන් ඊට පහළින් සිටින්නන් ද නුඹලාට කිරි දී වඩාගත් නුඹලාගේ මව්වරුන් ද කිරි බීම හේතුවෙන් ඇති වූ නුඹලාගේ සහෝදරියන් ද නුඹලාගේ බිරියන් සමග සංසර්ගයේ නිරත වුව ද එසේ නිරත නොවුව ද එම බිරියන්ගේ මව්වරුන් ද නුඹලාගේ බිරියන් සමග සංසර්ගයේ නිරත ව ඇත්නම් ඔවුනට වෙනත් අය විසින් බිහි වී නුඹලාගේ නිවෙස් වල ඇතිදැඩි වන මෙන්ම එසේ එහි ඇතිදැඩි නොවන දූවරුන් ද විවාහ වීම අල්ලාහ් නුඹලාට තහනම් කර ඇත. නුඹලාගේ බිරියන් සමග සංසර්ගයේ නිරතව නොමැතිනම් ඔවුන්ගේ දූවරුන් විවාහ වීමේ වරදක් නුඹලාට නොමැත. එමෙන්ම නුඹලාගේ කොඳුනාරටියෙන් බිහි වූ නුඹලාගේ පුතුන්ගේ බිරියන් (ලේලිවරු) ඔවුන් ඔවුන්ගේ බිරියන් සමග සංසර්ගයේ නිරත නොවුව ද නුඹලා ඔවුන් විවාහ කර ගැනීම තහනම් කර ඇත. ජාහිලිය්යා නම් අඥාන යුගයේ පැවති දෑ මිස පරම්පරාවෙන් හෝ කිරි බීම හේතුවෙන් හෝ ඇති වන සහෝදරියන් දෙදෙනකු එකට තබා ගැනීමත් නුඹලාට තහනම් කර ඇත. ඒ පිළිබඳ අල්ලාහ් සමාව දුන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් තමන් වෙත පශ්චාත්තාප වී සමාව අයැදින්නන්හට සමාව දෙන්නාය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය. එමෙන්ම කාන්තාවක හා ඇගේ මවගේ හෝ ඇගේ පියාගේ සහෝදරියන් යන දෙදෙනකු එකට තබා ගැනීමේ තහනම සුන්නාව හෙවත් නබිතුමාගේ ඉගැන්වීම්වල සඳහන් ව ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න