සූරා 4 · ජුස් 4
An-Nisa · 4:22
وَلَا تَنْكِحُوا مَا نَكَحَ آبَاؤُكُمْ مِنَ النِّسَاءِ إِلَّا مَا قَدْ سَلَفَ ۚ إِنَّهُ كَانَ فَاحِشَةً وَمَقْتًا وَسَاءَ سَبِيلًا
කාන්තාවන් අතුරින් නුඹලාගේ පියවරුන් විවාහ කර ගත් අය ව නුඹලා විවාහ නොකරනු. නමුත් ඉකුත් වී ගිය දෑ හැර. නියත වශයෙන් ම එය අශීලාචාර හා පිළිකුල් සහගත ක්රියාවක් විය. තවද ක්රියා මාර්ගයෙන් එය ඉතා නපුරුය.
තෆ්සීර්
නුඹලාගේ පියවරුන් විසින් විවාහ කර ගත් කාන්තාවන් නුඹලා විවාහ කර නොගනු. එය තහනම් කරන ලද්දකි. නමුත් ඉස්ලාමයට පෙර එසේ කටයුත්තක් සිදු වී ඇත්නම් එය වරදක් ලෙස ගණන් ගනු නොලැබේ. නුඹලාගේ පියවරුන් විසින් විවාහ කර ගත් කාන්තාවන් දරුවන් විසින් විවාහ කර ගැනීම අශීලාචාර කටයුත්තකි. එසේ සිදු කරන්නා අල්ලාහ්ගේ කෝපයට ලක් වීමට හේතු වන්නේය. එවන් මගක ගමන් කරන්නා ගමන් කරනුයේ ඉතා නපුරු මගකය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න