සූරා 4 · ජුස් 4
An-Nisa · 4:21
وَكَيْفَ تَأْخُذُونَهُ وَقَدْ أَفْضَىٰ بَعْضُكُمْ إِلَىٰ بَعْضٍ وَأَخَذْنَ مِنْكُمْ مِيثَاقًا غَلِيظًا
නුඹලාගෙන් කෙනෙකු තවත් කෙනෙකු වෙත ගොස් තිබිය දී ද (විවායේ දී) නුඹලාගෙන් ස්ථීර ගිවිසුමක් ඔවුන් ගෙන තිබිය දී ද නුඹලා එය (දුන් දෑ) ගනුයේ කෙසේ ද ?
තෆ්සීර්
නුඹලා ඔවුන් සමග ආදර සම්බන්ධකම් පවත්වා ඔවුන්ගේ පහස විද ඔවුන්ගේ සියලු රහස් පිළිබඳ දැන ගත් පසු නුඹලා ඔවුනට පිරිනැමූ මහර් නැවත ලබා ගනුයේ කෙසේද? ඉන් පසු ව නුඹලා ඔවුන් සතු ව ඇති දෑට ආශා කිරීම පිළිකුල් සහගත අප්රසන්න කටයුත්තකි. සැබැවින් ඔවුන් බලවත් ප්රතිඥාවක් නුඹලාගෙන් ලබා ඇත. එනම්, එය අල්ලාහ්ගේ වදන හා ඔහුගේ නීතිය පෙරටු කරමින් ඔබ අනුමත කර තිබීමය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න