සූරා 4 · ජුස් 4
An-Nisa · 4:20
وَإِنْ أَرَدْتُمُ اسْتِبْدَالَ زَوْجٍ مَكَانَ زَوْجٍ وَآتَيْتُمْ إِحْدَاهُنَّ قِنْطَارًا فَلَا تَأْخُذُوا مِنْهُ شَيْئًا ۚ أَتَأْخُذُونَهُ بُهْتَانًا وَإِثْمًا مُبِينًا
බිරියකගේ ස්ථානයට වෙනත් බිරියක් (විවාහ කර) ගැනීමට නුඹලා සිතුවේ නම් ඔවුන්ගෙන් (නුඹලා දික්කසාද කරන) එක් තැනැත්තියට ධන සම්භාරයක් පිරිනමා තිබුණ ද නුඹලා එයින් කිසිවක් නොගනු. නුඹලා එය අයුක්ති සහගත ලෙසින් හා මහා පාප කර්මයක් ලෙසින් ගන්නෙහු ද?
තෆ්සීර්
අහෝ! ස්වාමි පුරුෂයිනි, බිරිය දික්කසාද කොට ඇයගේ ස්ථානයේ වෙනත් කතක් තබන්නට නුඹලා අපේක්ෂා කරන්නේ නම් එහි නුඹලාට වරදක් නැත. නුඹලා වෙන් වීමට අපේක්ෂා කරන ඇයට මහර් නොහොත් විවාහ ත්යාග වශයෙන් ධන සම්භාරයක් නුඹලා පිරිනමා තිබුණද ඉන් කිසිවක් නැවත ලබා ගැනීම නුඹලාට තහනම් වන්නේය. එසේ නුඹලා ඔවුනට පිරිනැමූ දෑ නැවත ගන්නේ නම් එය පැහැදිලි වරදක් හා පැහැදිලි පාපයක් ලෙස සලකනු ලැබේ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න