සූරා 4 · ජුස් 4
An-Nisa · 4:19
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا يَحِلُّ لَكُمْ أَنْ تَرِثُوا النِّسَاءَ كَرْهًا ۖ وَلَا تَعْضُلُوهُنَّ لِتَذْهَبُوا بِبَعْضِ مَا آتَيْتُمُوهُنَّ إِلَّا أَنْ يَأْتِينَ بِفَاحِشَةٍ مُبَيِّنَةٍ ۚ وَعَاشِرُوهُنَّ بِالْمَعْرُوفِ ۚ فَإِنْ كَرِهْتُمُوهُنَّ فَعَسَىٰ أَنْ تَكْرَهُوا شَيْئًا وَيَجْعَلَ اللَّهُ فِيهِ خَيْرًا كَثِيرًا
අහෝ විශ්වාස කළවුනි! බලහත් කාරයෙන් කාන්තාවන් හිමි කර ගැනීම නුඹලාට අනුමත නොවෙයි. ඔවුන්ට නුඹලා පිරිනැමූ දැයින් සමහරක් ඔවුන් ගෙන යෑමට නුඹලා ඔවුන් ව නොවළක්වනු. නමුත් ඔවුන් ප්රසිද්ධියේ අශීලාචාර දෙයක් කළහොත් මිස. නුඹලා ඔවුන් සමඟ යහපත් අයුරින් ජීවත් වනු. මන්ද නුඹලා ඔවුන් ව පිළිකුල් කළේ නම්, (දැනගනු) නුඹලා යමක් පිළිකුල් කළ හැක. (එසේ පිළිකුල් කරන) එහි අල්ලාහ් අධික යහපත ඇති කරන්නට පුළුවන.
තෆ්සීර්
අහෝ! අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් ව පිළිපදින්නනි, නුඹලාගේ පියවරුන්ගේ හා නුඹලාගේ සමීප ඥාතීන්ගේ ස්ත්රීන් නුඹලා ධනය උරුම කර ගන්නාක් මෙන් ඔවුන් විවාහ කරගනිමින් හෝ නුඹලා සිතන අයට විවාහ කර දීමෙන් හෝ ඔවුන් විවාහ කටයුත්තක් සිදු කර ගැනීම වැළැක්වීමෙන් හෝ නුඹලා ඔවුන් සමග කටයුතු නොකළ යුතුය. නුඹලා පිළිකුල් කරන නුඹලාගේ බිරියන්හට නුඹලා පිරිනැමූ විවාහ ත්යාගය හා වෙනත් දීමනා වලින් කොටසක් නුඹලාට ඔවුන් පෙරළා දෙන තරමට ඔවුන් හිංසා පීඩාවට ලක් කරනු පිණිස ඔවුන් රඳවා තබා ගැනීම නුඹලාට අනුමත නැත. නමුත් දුරාචාරය මෙන් පැහැදිලි අශීලාචාර වරදක් ඔවුන් සිදු කර තිබුණේ නම් ඔවුන් ව රඳවා තබා ගැනීමත් නුඹලා ඔවුනට පිරිනැමූ දෑ ඔවුන් වන්දි වශයෙන් නුඹලා වෙත නැවත පිරිනමන තෙක් ඔවුන් හිරකර තබා ගැනීමත් නුඹලාට අනුමැතිය ඇත. නුඹලාගේ බිරියන්ට අත්වන වේදනාවන් වළක්වාලමින් ඔවුනට යහපත් අයුරින් වියහියදම් කරමින් නුඹලා ඔවුන් සමග යහපත් බැඳීමකින් යුතු ව කටයුතු කරනු. ලෞකික කරුණක් නිසාවෙන් නුඹලා ඔවුන් පිළිකුල් කරන්නෙහු නම් නුඹලා ඔවුන් සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කරනු. නුඹලා පිළිකුල් කරන දෑහි මෙලොව හා මතු ලොව ජීවිතයේ අධික ලෙස යහපත අල්ලාහ් තබා තිබෙන්නට පුළුවණ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න