සූරා 4 · ජුස් 4

An-Nisa · 4:18

وَلَيْسَتِ التَّوْبَةُ لِلَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ حَتَّىٰ إِذَا حَضَرَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ إِنِّي تُبْتُ الْآنَ وَلَا الَّذِينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ ۚ أُولَٰئِكَ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا

ඔවුන් නපුරුකම් (පාපකම්) කර ඔවුන්ගෙන් කෙනෙකු වෙත මරණය පැමිණෙන තෙක් සිට “දැන් මම පාපක්ෂමාව අයැදිමි“ යැයි පවසන්නන්ට පාපක්ෂමාව නොමැත. එමෙන් ම ප්‍රතික්ෂේප කයින් ලෙස සිටිය දී මරණයට පත්වන්නන්ට ද නොමැත. අපි වේදනා සහගත දඬුවමක් ඔවුන්ට සූදානම් කර ඇත්‍තෙමු.

තෆ්සීර්

පාපකම් වල තමන් නිරත වෙමින් මිය යන අවස්ථාව දෑසින් දකින තෙක් ඒ ගැන පශ්චාත්තාප නොවන්නන්ගේ පශ්චාත්තාපය අල්ලාහ් පිළිගන්නේ නැත. මිය යන අවස්ථාවේ ඔවුන්ගේ කෙනෙක් “කවර පාපයක් මා සිදු කළේද ඒ ගැන සැබැවින්ම මම දැන් පශ්චාත්තාප වී සමාව අයදිමි’ යැයි ඉල්ලා සිටියද එලෙස අල්ලාහ් දේව ප්රතික්ෂේපය මත පිහිටා එම තත්ත්වයේම මියගිය තැනැත්තන්ගේ පශ්චාත්තාපය පිළිගන්නේ නැත. පාපකම් වල නිරත ව සිටි පාපිෂ්ඨයින් හා දෙවියන් ප්රතික්ෂේප කරමින් සිටි තත්ත්වයේ මරණයට පත් වූවන්හට අපි වේදනීය දඬුවම සූදානම් කර ඇත්තෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න