සූරා 4 · ජුස් 4

An-Nisa · 4:17

إِنَّمَا التَّوْبَةُ عَلَى اللَّهِ لِلَّذِينَ يَعْمَلُونَ السُّوءَ بِجَهَالَةٍ ثُمَّ يَتُوبُونَ مِنْ قَرِيبٍ فَأُولَٰئِكَ يَتُوبُ اللَّهُ عَلَيْهِمْ ۗ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا

අල්ලාහ් වෙතින් වූ පාපක්ෂමාව ඇත්තේ නොදැනුවත්කමින් නපුරක් කර පසුව ඉතා ඉක්මණින් ම පාශ්චාත්තාපයෙහි නිරත වන අයට ය. එවිට අල්ලාහ් ඔවුනට සමාව දෙනු ඇත. තවද අල්ලාහ් සර්ව ඥානී හා සර්ව ප්‍රඥාවන්ත විය.

තෆ්සීර්

තමන් කළ වැරදි හා පාපකම් පිළිබඳ තැවී එය ඉදිරිපත් කරමින් සිදු කරන පශ්චාත්තාපය අල්ලාහ් පිළිගනුයේ ඉන් අත්වන දඬුවම හා අභාග්ය පිළිබඳ නොදැනුවත්කමින් ඔවුන් පසුවන අවස්ථාවකය. එය උවමනාවෙන් හෝ නොදැනුවත් ව හෝ වැරදි කරන සෑම කෙනෙකුටම අදාළ වන්නේය. පසු ව ඔවුන් මරණය දෑසින් දකින්නට පෙර ඔවුන්ගේ පරමාධිපති වෙත නැඹුරු වී යොමු වෙති. එවැන්නන්ගේ පශ්චාත්තාපය අල්ලාහ් පිළිගනු ඇත. ඔවුන්ගේ පාපකම් වලට සමාව දෙනු ඇත. අල්ලාහ් ඔහුගේ මැවීම් වල තත්ත්වයන් පිළිබඳ මැනවින් දන්නාය. ඔහු සැලසුම් කිරීමෙහි හා ආගමානුගත කිරීමෙහි මහා ප්රඥාවන්තය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න