සූරා 4 · ජුස් 4

An-Nisa · 4:16

وَاللَّذَانِ يَأْتِيَانِهَا مِنْكُمْ فَآذُوهُمَا ۖ فَإِنْ تَابَا وَأَصْلَحَا فَأَعْرِضُوا عَنْهُمَا ۗ إِنَّ اللَّهَ كَانَ تَوَّابًا رَحِيمًا

නුඹලා අතුරින් ඒ වෙත (කාමයේ වරදවා හැසිරීමට) පැමිණෙන දෙදෙනෙකු ට, නුඹලා ඔවුන් දෙදෙනා ට දඬුවම් කරනු. පසුව ඔවුන් දෙදෙනා පශ්චාත්තාප වී හැඩ ගැසුනේ නම් එවිට නුඹලා ඔවුන් දෙදෙනා ව අත හැර දමනු. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමා ශීලී හා පරම කරුණාභරිත විය.

තෆ්සීර්

නුඹලා අතර සිටින විවාහක හෝ අවිවාහක පිරිමින් අතුරින් දෙදෙනෙකු අශීලාචාර ලෙස කාමයේ වරදවා හැසිරී දුරාචාරයේ යෙදී ඇත්නම් ඔවුන් අවමානයට හා පිටුවහල් වීමට ලක්වන අයුරින් අතින් හා වචනයෙන් ඔවුන් දෙදෙනාට දඬුවම් කරන්න. ඔවුන් දෙදෙනා කවර වරදක් මත සිට පසු ව ඔවුන් එයින් මිදී ඔවුන් දෙදෙනාගේ ක්රියාවන් යහපත් තත්ත්වයට පත් කර ගත්තේ ද එවිට ඔවුන් දෙදෙනාට දඬුවම් කිරීමෙන් වළකින්න. ඊට හේතුව පාපයෙන් පශ්චාත්තාප වී සමාව ඉල්ලා සිටින්නා කිසිදු පාපයක් සිදු නොකළ පුද්ගලයකු මෙන් වන බැවිණි. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන්හට මහා කාරුණික බැවින් ඔවුන් අතුරින් කවරෙකු අල්ලාහ්ගෙන් පාප සමාව අයැද සිටින්නේද ඔවුනට සමාව දෙන්නාය. ආරම්භක නියෝගයක් ලෙස පිහිටි මේ ආකාරයෙන් වූ දඬුවම් ලබා දීම ප්රමාණවත් කොට සැලකුවද පසු ව එම නීතිය වෙනස් විය. එනම් අවිවාහක කෙනෙකු නම් කසපහරවල් පිරිනැමීම හා රටින් පිටුවහල් කිරීමේ නීතිය බවටත් විවාහක කෙනෙකු ගල්ගසා මරා දැමීමේ නීතිය බවටත් එම නීතිය වෙනස් විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න