සූරා 4 · ජුස් 4
An-Nisa · 4:15
وَاللَّاتِي يَأْتِينَ الْفَاحِشَةَ مِنْ نِسَائِكُمْ فَاسْتَشْهِدُوا عَلَيْهِنَّ أَرْبَعَةً مِنْكُمْ ۖ فَإِنْ شَهِدُوا فَأَمْسِكُوهُنَّ فِي الْبُيُوتِ حَتَّىٰ يَتَوَفَّاهُنَّ الْمَوْتُ أَوْ يَجْعَلَ اللَّهُ لَهُنَّ سَبِيلًا
නුඹලාගේ කාන්තාවන් අතුරින් (ඇතැමුන්) අශීලාචාර දෑ (දුරාචාරය) වෙත පැමිණෙන්නි යන්ට, නුඹලා ඔවුනට එරෙහි ව නුඹලා අතුරින් සිව් දෙනෙකු සාක්ෂි වශයෙන් ගෙන එනු. එසේ ඔවුන් සාක්ෂි පැවසුවේ නම් එවිට ඔවුනට මරණය අත්වන තුරු හෝ ඔවුන් වෙනුවෙන් අල්ලාහ් යම් මඟක් ඇති කරන තුරු නිවාස අඩස්සියෙහි ඔවුන් ව රඳවා ගනු.
තෆ්සීර්
නුඹලා අතුරින් විවාහක හෝ අවිවාහක කාන්තාවන් අශීලාචාර ලෙස කාමයේ වරදවා හැසිරී දුරාචාරයේ යෙදී ඇත්නම් ඔවුන්ගේ එම වරදට එරෙහි ව යුක්ති ගරුක ලෙස අල්ලාහ්ට අවනත වන පිරිමි සිව් දෙනෙක් සාක්ෂි වශයෙන් පෙනී සිටින්නට සලස්වන්න. ඔවුනට එරෙහි ව කළ වරද පිළිබඳ මොවුන් සාක්ෂි වශයෙන් පෙනී සිටියේ නම් එම කාන්තාවන්ට දඬුවම වශයෙන් ජීවිතාන්තය දක්වා හෝ ඒ හැර වෙනත් මගක් අල්ලාහ් ඔවුන් විෂයයෙහි පෙන්වන තෙක් ඔවුන් නිවාස අඩස්සියේ තබන්න. ඉන්පසු ව අල්ලාහ් ඔවුනට මගක් පැහැදිලි කළේය. එනම් එසේ දුරාචාරයේ යෙදුණු අවිවාහක කන්යා කාන්තාවකට කසපහරවල් සියයක් හා වසරක කාලයක් රටින් පිටුවහල් කර තැබීමත් විවාහක කාන්තාවකට ගල් ගසා මැරීමත් අල්ලාහ් ආගමානුගත කළේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න