සූරා 4 · ජුස් 6
An-Nisa · 4:175
فَأَمَّا الَّذِينَ آمَنُوا بِاللَّهِ وَاعْتَصَمُوا بِهِ فَسَيُدْخِلُهُمْ فِي رَحْمَةٍ مِنْهُ وَفَضْلٍ وَيَهْدِيهِمْ إِلَيْهِ صِرَاطًا مُسْتَقِيمًا
අල්ලාහ් ව විශ්වාස කොට ඔහු පිළිබඳ තදින් ග්රහණය කර ගත් අය වූ කලී ඔහුගෙන් වූ දයාවෙහි හා භාග්යයෙහි ඔහු ඇතුළත් කරනු ඇත. තවද ඔහු වෙත වූ ඍජු මාර්ගයෙන් ඔවුනට ඔහු මඟ පෙන්වනු ඇත.
තෆ්සීර්
අල්ලාහ් ව විශ්වාස කොට තම නබිවරයාණන් වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය පිළිපදින්නන් වනාහි ඔවුන් ස්වර්ගයට ඇතුළත් කිරීමෙන් අල්ලාහ් ඔවුනට ආශිර්වාද කරනු ඇත. ඔවුනට කුසල් අධික ව පිරිනමනු ඇත. තරාතිරම් උසස් කරනු ඇත. කිසිදු ඇදයක් නොමැති ඍජු මාවත මත ගමන් කිරීමට ආශිර්වාද කරනු ඇත. එය සදා ස්වර්ග උයන් වෙත සේන්දු කරවන උතුම් මාර්ගයයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න