සූරා 4 · ජුස් 6
An-Nisa · 4:174
يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءَكُمْ بُرْهَانٌ مِنْ رَبِّكُمْ وَأَنْزَلْنَا إِلَيْكُمْ نُورًا مُبِينًا
අහෝ මිනිසුනි! නුඹලාගේ පරමාධිපතිගෙන් සාධකයක් පැමිණ ඇත. තවද නුඹලා වෙත පැහැදිලි ආලෝකයක් අපි පහළ කළෙමු.
තෆ්සීර්
අහෝ ජනයිනි! නිදහසට කරුණු කිව නොහැකි පරිදි සැකය දුරු කරන පැහැදිලි සාධකයක් ඔබේ පරමාධිපතිගෙන් ඔබ වෙත පැමිණ ඇත. ඔහු ධර්ම දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ය. එමෙන්ම අපි ඔබ වෙත පැහැදිලි ආලෝකයක් පහළ කළෙමු. එය මෙම අල් කුර්ආනයයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න