සූරා 4 · ජුස් 6
An-Nisa · 4:173
فَأَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ وَيَزِيدُهُمْ مِنْ فَضْلِهِ ۖ وَأَمَّا الَّذِينَ اسْتَنْكَفُوا وَاسْتَكْبَرُوا فَيُعَذِّبُهُمْ عَذَابًا أَلِيمًا وَلَا يَجِدُونَ لَهُمْ مِنْ دُونِ اللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا
දේවවිශ්වාස කොට යහකම් කළ අය වූ කලී ඔවුනට ඔවුන්ගේ ප්රතිඵල ඔහු පූර්ණ ව දෙනු ඇත. තවද ඔහුගේ භාග්යයෙන් ඔහු ඔවුනට අධික ව දෙනු ඇත. නමුත් දුරස් වී උඩඟු අය වූ කලී ඔවුනට වේදනා සහගත දඬුවමකින් ඔහු දඬුවම් කරනු ඇත. භාරකරුවකු වශයෙන් හෝ උදව්කරුවකු වශයෙන් හෝ අල්ලාහ්ගෙන් තොරව වෙනත් කිසිවකු ඔවුනට දැක ගත නොහැකි වනු ඇත.
තෆ්සීර්
අල්ලාහ් ව විශ්වාස කොට, ඔහුගේ දූතවරුන් සත්ය බව තහවුරු කොට, අවංක ලෙසින් හා ආගමානුගත කළ කරුණු වලට අනුකූල ව, ඒ පිළිබඳ දැනුවත් ව අල්ලාහ් වෙනුවෙන් දැහැමි ක්රියාවන් ඉටු කරන්නන් වනාහි ඔවුන්ගේ ක්රියාවන් සඳහා කිසිදු අඩු කිරීමකින් තොර ව පූර්ණ කුසල් ඔහු ඔවුනට පිරිනමනු ඇත. ඔහුගේ ආශිර්වාදය හා භාග්ය තුළින් ඊටත් වඩා අධික ව පිරිනමනු ඇත. නමුත් අල්ලාහ්ට ගැතිකම් කිරීමෙන් හා අවනතවීමෙන් ඉවත් ව, උඩඟුවෙන් තමන් උසස් යැයි සැලකූ අය වනාහි, වේදනා සහගත දඬුවමින් ඔහු ඔවුනට දඬුවම් කරනු ඇත. ඔවුනට යහපත සැලසීමටත් ඔවුනට උපකාර කොට ඔවුනට අත්වන හිංසාවෙන් ඔවුන් මුදවන්නටත් අල්ලාහ් හැර වෙනත් කිසිදු භාරකරුවකු ඔවුන් නොදකිනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න