සූරා 4 · ජුස් 6

An-Nisa · 4:172

لَنْ يَسْتَنْكِفَ الْمَسِيحُ أَنْ يَكُونَ عَبْدًا لِلَّهِ وَلَا الْمَلَائِكَةُ الْمُقَرَّبُونَ ۚ وَمَنْ يَسْتَنْكِفْ عَنْ عِبَادَتِهِ وَيَسْتَكْبِرْ فَسَيَحْشُرُهُمْ إِلَيْهِ جَمِيعًا

අල්ලාහ්ට ගැත්තෙකු වීමෙන් මසීහ් හෝ සමීප මලාඉකාවරුන් හෝ දුරස් නොවන්නේමය. ඔහුට ගැතිකම් කිරීමෙන් කවරෙකු දුරස් වී උඩඟු වන්නේ ද එවිට (දැන ගනු) ඔහු වෙත ඔවුන් සියල්ලම (මතු ලොවෙහි) ඔහු එක් රැස් කරනු ඇත.

තෆ්සීර්

මර්යම්ගේ පුත් ඊසා අල්ලාහ්ට ගැත්තෙකු වීමෙන් හෝ ඔහුට වඩාත් සමීප, ඔවුන්ගේ තරාතිරම් උසස් කරනු ලැබූ මලක්වරුන් අල්ලාහ්ට ගැත්තන් වීමෙන් හෝ කිසිවිටෙක වැළකී නොසිටිති. එසේ කිරීම අතහැර නොදමති. එසේ නම් ඔබ ඊසා තුමා ව දෙවියන් වශයෙන් සලකනුයේ කෙසේද? මුෂ්රිකූන් හෙවත් දෙවියන්ට ආදේශ තබන්නන් මලක්වරු දෙවියන් වශයෙන් සලකනුයේ කෙසේද? කවරෙකු අල්ලාහ්ට ගැතිකම් කිරීමෙන් වැළකී, ඉන් ඉවත් වන්නේද සැබැවින් අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියල්ලන් එක්රැස් කොට ඔවුනොවුනුට ගැළපෙන අයුරින් ප්රතිඵල පිරිනමන බව දැන ගත යුතුයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න