සූරා 4 · ජුස් 6

An-Nisa · 4:171

يَا أَهْلَ الْكِتَابِ لَا تَغْلُوا فِي دِينِكُمْ وَلَا تَقُولُوا عَلَى اللَّهِ إِلَّا الْحَقَّ ۚ إِنَّمَا الْمَسِيحُ عِيسَى ابْنُ مَرْيَمَ رَسُولُ اللَّهِ وَكَلِمَتُهُ أَلْقَاهَا إِلَىٰ مَرْيَمَ وَرُوحٌ مِنْهُ ۖ فَآمِنُوا بِاللَّهِ وَرُسُلِهِ ۖ وَلَا تَقُولُوا ثَلَاثَةٌ ۚ انْتَهُوا خَيْرًا لَكُمْ ۚ إِنَّمَا اللَّهُ إِلَٰهٌ وَاحِدٌ ۖ سُبْحَانَهُ أَنْ يَكُونَ لَهُ وَلَدٌ ۘ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ وَكَفَىٰ بِاللَّهِ وَكِيلًا

දේව ග්‍රන්ථ ලැබූවනි! නුඹලාගේ දහමෙහි නුඹලා සීමාව ඉක්මවා නොයනු. අල්ලාහ් කෙරෙහි සත්‍යය මිස (වෙන කිසිවක්) නොපවසනු. මර්යම්ගේ පුත් ඊසා හෙවත් මසීහ් අල්ලාහ්ගේ දූත‍යෙකි. එය ඔහුගේ නියෝගයකි. එය මර්යම් වෙත හෙළුවේය. තවද ඔහුගෙන් වූ ආත්මයකි. එබැවින් අල්ලාහ්ව ද ඔහුගේ රසූල්වරයා ද විශ්වාස කරනු. ත්‍රිත්වය යැයි නොපවසනු (එයින්) වැළකෙනු. (එය) නුඹලාට යහපත් වනු ඇත. සැබැවින්ම අල්ලාහ් ඒකීය දෙවියාමය. ඔහුට දරුවකු සිටීමෙන් ඔහු පිවිතුරුය. අහස්හි ඇති දෑ ද මිහිතලයේ ඇති දෑ ද ඔහු සතුය. භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය.

තෆ්සීර්

දූතය, ඉන්ජීලය ලත් කිතුනුවන්හට ඔබ මෙසේ පවසන්න. ඔබේ දහම තුළ පවතින සීමාව උල්ලංඝනය නොකරන්න. ඊසා (අලය්හිස් සලාම්) විෂයෙහි අල්ලාහ් වෙත සත්යය හැර වෙනත් කිසිවක් ගොතා නොපවසන්න. සැබැවින්ම මර්යම්ගේ පුත් ඊසා නොහොත් මසායා අල්ලාහ්ගේ දූතයෙකි. සත්යයෙන් යුතු ව ඔහු එව්වේය. ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා මර්යම් තුමිය වෙත ගෙන ආ ඔහුගේ වදනින් ඔහු මැව්වේය. "කුන්" යන වදන පැවසූ වහාම එය සිදු විය. එය අල්ලාහ්ගෙන් වූ පිඹුමක් විය. අල්ලාහ්ගේ නියෝගය මත ජිබ්රීල් තුමා එය ඇය මත පිඹුවේය. එහෙයින් අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් අතර කිසිදු බෙදීමකින් හෝ වෙන් කිරීමකින් තොරව විශ්වාස කරනු. ඔබ දේවත්වය ත්රිත්වය යැයි නොපවසනු. මෙම ව්යාජ, නරක ප්රකාශයෙන් ඔබ වැළකෙනු. එයින් ඔබ වැළකී සිටීම මෙලොවට මෙන්ම මතු ලොවට ඔබට යහපතක් වනු ඇත. සැබැවින්ම අල්ලාහ් ඒකීයය. හවුල්කරුවන්ගෙන් හා පුතකු ගැනීමෙන් ඔහු පිවිතුරුය. ඔහු අවශ්යතාවන්ගෙන් තොරය. අහස්හි පාලනය ද මහපොළොවෙහි පාලනයද ඒ දෙකහි ඇති පාලනයද ඔහු සතුය. අහස්හි හා මහපොළොවේ ඇති දෑ ක්රියාත්මක කිරීමටත් ඔවුනට ඒවා සැලසුම් කර දීමටත් අල්ලාහ් ප්රමාණවත්ය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න