සූරා 4 · ජුස් 6

An-Nisa · 4:170

يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءَكُمُ الرَّسُولُ بِالْحَقِّ مِنْ رَبِّكُمْ فَآمِنُوا خَيْرًا لَكُمْ ۚ وَإِنْ تَكْفُرُوا فَإِنَّ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا

අහෝ මිනිසුනි! නුඹලාගේ පරමාධිපතිගෙන් සත්‍යය රැගෙන මෙම රසූල්වරයා පැමිණ ඇත. එබැවින් නුඹලා විශ්වාස කරනු. නුඹලාට යහපතකි. නමුත් නුඹලා ප්‍රතික්ෂේප කරන්නෙහු නම් එවිට (දැන ගනු) සැබැවින්ම අහස්හි හා මිහිතලයෙහි ඇති දෑ අල්ලාහ් සතුය. තවද අල්ලාහ් සර්වඥානී සර්ව ප්‍රඥාවන්ත විය.

තෆ්සීර්

ජනියිනි, අල්ලාහ්ගෙන් වූ යහමග හා සත්ය දහම සමග දහම් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ඔබ වෙත පැමිණ ඇත. එහෙයින් ඔහු ඔබ වෙත ගෙන ආ දෑ විශ්වාස කරනු. එය මෙලොවට හා මතු ලොවට ඔබට යහපතක් වනු ඇත. ඔබ අල්ලාහ් ව ප්රතික්ෂේප කළේ නම් ඔබේ විශ්වාසය පිළිබඳ අල්ලාහ්ට කිසිදු අවශ්යතාවක් නැත. ඔබේ ප්රතික්ෂේපය ඔහුට හානියක් ගෙන දෙන්නේද නැත. අහස්හි ඇති දෑහි ද, මහපොළොවෙහි ඇති දෑහි ද, ඒ දෙක අතර ඇති දෑහි ද සර්ව රාජ්ය ඔහු සතුය. යහමග ලබන්නට සුදුස්සා කවුරුන්දැයි අල්ලාහ් මැනවින් දන්නාය. ඒ අනුව ඔහුට ඒ වෙත වූ මග පහසු කරනු ඇත. එමෙන්ම එයට සුදුසු නොමැත්තා කවුරුන් දැයි ද ඔහු මැනවින් දන්නේය. ඔහු එය ඔහුගෙන් සඟවා ඇත. ඔහුගේ ක්රියා, ඔහුගේ ප්රකාශ, ඔහුගේ ආගමික සම්පාදන, හා ඔහුගේ නියමය යනාදියෙහි ඔහු මහා ප්රඥාවන්තය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න