සූරා 4 · ජුස් 6
An-Nisa · 4:176
يَسْتَفْتُونَكَ قُلِ اللَّهُ يُفْتِيكُمْ فِي الْكَلَالَةِ ۚ إِنِ امْرُؤٌ هَلَكَ لَيْسَ لَهُ وَلَدٌ وَلَهُ أُخْتٌ فَلَهَا نِصْفُ مَا تَرَكَ ۚ وَهُوَ يَرِثُهَا إِنْ لَمْ يَكُنْ لَهَا وَلَدٌ ۚ فَإِنْ كَانَتَا اثْنَتَيْنِ فَلَهُمَا الثُّلُثَانِ مِمَّا تَرَكَ ۚ وَإِنْ كَانُوا إِخْوَةً رِجَالًا وَنِسَاءً فَلِلذَّكَرِ مِثْلُ حَظِّ الْأُنْثَيَيْنِ ۗ يُبَيِّنُ اللَّهُ لَكُمْ أَنْ تَضِلُّوا ۗ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
(නබිවරය!) ඔවුහු ඔබෙන් ආගමික තීන්දු පතති. කලාලා සම්බන්ධයෙන් වූ ආගමික තීන්දු අල්ලාහ් නුඹලාට දෙනු ඇතැයි පවසනු. තමන්ට සහෝදරියක සිටිය දී තමන්ට දරුවකු නොවූ තත්ත්වයක පුද්ගලයකු මරණයට පත් වූයේ නම් එවිට ඔහු අත හැර දමා ගිය දැයින් අඩක් ඇයට හිමි විය යුතුය. එමෙන්ම ඇයට දරුවකු නොවූයේ නම් ඔහු ඇය(ගේ වස්තුව)ට උරුමකම් පානු ඇත. එමෙන්ම සහෝදරියන් දෙදෙනෙකු වී නම් ඔහු අත හැර දමා ගිය දැයින් තුනෙන් දෙකක් ඔවුන් දෙදෙනාට හිමි විය යුතුය. ඔහුට පිරිමි හා ගැහැනු සහෝදර සහෝදරියන් වී නම් කාන්තාවන් දෙදෙනකුට හිමි කොටස මෙන් (පංගුවක්) පිරිමියාට හිමිය. නුඹලා නොමඟ නොයනු පිණිස අල්ලාහ් නුඹලාට (මෙසේ) පැහැදිලි කරන්නේය. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වඥානීය.
තෆ්සීර්
දූතය, කලාලා සම්බන්ධයෙන් ආගමික තීන්දු දෙන මෙන් ජනයා ඔබෙන් ඉල්ලති. එනම් තම උරුමය රකින්නට පියකු හෝ දරුවකු හෝ නොමැති ව මිය ගිය පුද්ගලයා සම්බන්ධයෙනි. එහි නීතිය ගැන අල්ලාහ් පැහැදිලි කරනු ඇතැයි ඔබ ඔවුනට පවසනු. තමන්ට පියකු හෝ දරුවකු නොමැති ව පුද්ගලයකු මිය ගියේ නම් ඔහුට එක්කුස උපන් සහෝදරියෙක් හෝ තම පියාගේ මාර්ගයෙන් වූ සහෝදරියෙක් සිටි නම්, ඔහු හැර දමා ගිය ධනයෙන් අඩක් අනිවාර්යයයෙන්ම ඇයට හිමි විය යුතුය. එක්කුස උපන් සහෝදරයකු හෝ තම පියා මගින් දාව සහෝදරයකු වී නම් අනිවාර්ය ලෙස උරුමය ලැබිය යුතු කිසිවකු නොමැති නම් පසු උරුමය වශයෙන් ඔහු හැර දමා ගිය දෑ ට ඔහු උරුමකම් පානු ඇත. නමුත් අනිවාර්යයෙන්ම උරුමය ලැබිය යුතු අයකු වී නම් ඔහු එසේ උරුමකම් කියනුයේ ඉතිරි ව ඇති දෑ ට පමණය. එක්කුස උපන් සහෝදරියන් බොහෝ දෙනෙකු වී හෝ තම පියාට දාව සහෝදරියන් දෙදෙනෙකු හෝ ඊටත් වඩා වැඩියෙන් වී නම් ඔවුන් දෙදෙනා උරුමකම් කියනු ඇත එසේත් නැතහොත් අනිවාර්ය ලෙස තුනෙන් දෙකකට උරුමකම් කියනු ඇත. එක්කුස උපන් සහෝදරයන් වී නම් හෝ තම පියාණන් දාව සහෝදර සහෝදරියන් වී නම් අසබ් පිළිවෙලින් (එනම් පිරිමියාගේ පංගුව කාන්තා දෙදෙනෙකුට හිමි පංගු දෙකක් හා සමානය යන න්යායයට අනුව) ඔවුන් උරුමකම් පානු ඇත. අල්ලාහ් ඔබට කලාලා නීතියත් උරුමය හා බැඳුණු වෙනත් නීතීන්ද ඔබ ඒ පිළිබඳ නොමග නොයනු පිණිස ඔබට ඔහු පැහැදිලි කරයි. අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න