සූරා 4 · ජුස් 6

An-Nisa · 4:166

لَٰكِنِ اللَّهُ يَشْهَدُ بِمَا أَنْزَلَ إِلَيْكَ ۖ أَنْزَلَهُ بِعِلْمِهِ ۖ وَالْمَلَائِكَةُ يَشْهَدُونَ ۚ وَكَفَىٰ بِاللَّهِ شَهِيدًا

නමුත් නුඹ වෙත පහළ කළ දෑ ට අල්ලාහ් සාක්ෂි දරනු ඇත. එය ඔහුගේ අනු දැනුමෙන් පහළ කළේය. තවද මලාඉකාවරු ද සාක්ෂි දරති. සාක්ෂි දරන්නා වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය.

තෆ්සීර්

දූතය, යුදෙව්වන් ඔබ ව ප්රතික්ෂේප කළද සැබැවින්ම අල්ලාහ් ඔබ වෙත පහළ කළ කුර්ආනයේ සත්යතාවෙන් ඔහු ඔබව තහවුරු කරනු ඇත. තමන් ප්රිය කරන, පිළිගන්නා දෑ කෙරෙහි ද තමන් පිළිකුල් කරන පිටුදකින දෑ කෙරෙහිද ගැත්තන් තම අවධානය යොමු කිරීමට අපේක්ෂිත දැනුම එහි පහළ වී ඇත. අල්ලාහ්ගේ සාක්ෂිය සමගම ඔබ කවර දෙයක් ගෙන ආවේද එය තහවුරු කරමින් මලක්වරුන්ද සාක්ෂි දරති. සාක්ෂිකරුවකු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය. වෙනත් අයගේ සාක්ෂියට වඩා ඔහුගේ සාක්ෂිය පූර්ණය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න