සූරා 4 · ජුස් 6
An-Nisa · 4:165
رُسُلًا مُبَشِّرِينَ وَمُنْذِرِينَ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَى اللَّهِ حُجَّةٌ بَعْدَ الرُّسُلِ ۚ وَكَانَ اللَّهُ عَزِيزًا حَكِيمًا
ඇතැම් රසූල්වරුන් එම රසූල් වරුන්ට පසුව කිසිදු සාධකයක් අල්ලාහ්ට එරෙහි ව ජනයාට නොවනු පිණිස ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් ලෙස සිටියහ. තවද අල්ලාහ් සර්ව බලධාරී සර්ව ප්රඥාවන්ත විය.
තෆ්සීර්
අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබූවන්හට ගෞරවනීය ප්රතිඵල ඇති බව ශුභාරංචි දන්වන්නන් ලෙසින් ද, ඔහු ප්රතික්ෂේප කරන්නන්හට වේදනීය දඬුවම ඇති බව බිය ගන්වන්නන් ලෙසින් ද අපි ඔවුන් එවා ඇත්තෙමු. එය එම දූතවරුන් එවීමෙන් පසු අල්ලාහ් වෙතත් නිදහසට කරුණු කියමින් මිනිසුන් මිදීමට සාධකයක් නොවනු පිණිසය. අල්ලාහ් තම රාජ්යයේ සර්ව බලධාරීය. ඔහුගේ තීන්දුවෙහි ඔහු මහා ප්රඥාවන්තය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න