සූරා 4 · ජුස් 6
An-Nisa · 4:164
وَرُسُلًا قَدْ قَصَصْنَاهُمْ عَلَيْكَ مِنْ قَبْلُ وَرُسُلًا لَمْ نَقْصُصْهُمْ عَلَيْكَ ۚ وَكَلَّمَ اللَّهُ مُوسَىٰ تَكْلِيمًا
ඇතැම් රසූල්වරුන්, ඔවුන් ගැන මීට පෙර නුඹට අපි පවසා ඇත්තෙමු. තවද ඇතැම් රසූල්වරුන් ඔවුන් ගැන අපි නුඹට නොපැවසුවෙමු. තවද අල්ලාහ් මූසා සමඟ කතා කළේය.
තෆ්සීර්
අප එවූ දූතවරුන් පිළිබඳ අල් කුර්ආනයේ අපි ඔබට පවසා ඇත්තෙමු. අප විසින් එවන ලද, එහි ඔබට නොපැවසූ දූතවරුන් ද වෙති. යම් අරමුණක් හේතුවෙන් එහි ඔවුන් ගැන මෙනෙහි කිරීම අපි අතහැර දැමුවෙමු. දූත මෙහෙය සම්බන්ධයෙන් අල්ලාහ් මූසා (අලය්හිස් සලාම්) තුමා සමග කිසිදු මාධ්යයකින් තොරව ඍජුව කතා කළේය. එය උත්තරීතරයාණන්ට ගැළපෙන පරිදි යථාර්ථවාදී කතාවක් මෙන්ම මූසාට කරන ගෞරවයක් විය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න