සූරා 4 · ජුස් 6
An-Nisa · 4:163
۞ إِنَّا أَوْحَيْنَا إِلَيْكَ كَمَا أَوْحَيْنَا إِلَىٰ نُوحٍ وَالنَّبِيِّينَ مِنْ بَعْدِهِ ۚ وَأَوْحَيْنَا إِلَىٰ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَعِيسَىٰ وَأَيُّوبَ وَيُونُسَ وَهَارُونَ وَسُلَيْمَانَ ۚ وَآتَيْنَا دَاوُودَ زَبُورًا
සැබැවින්ම නූහ්ට හා ඔහුගෙන් පසු වූ නබිවරුන්ට වහී පහළ කළාක් මෙන් නුඹ වෙත ද සැබැවින්ම අපි වහී පහළ කළෙමු. (ඒ අනුව) අපි ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ්, අස්බාත් (හෙවත් යඃකූබ්ගේ පරපුර) ඊසා, අය්යූබ්, යූනුස්, හාරූන් හා සුලෙයිමාන් යන අයට ද වහී පහළ කළෙමු. තවද අපි දාවූද්ට සබූර් පිරිනැමුවෙමු.
තෆ්සීර්
දූතය, ඔබට පෙර පැමිණි නබිවරුන් වෙත අපි දේව පණිවිඩ පහළ කළාක් මෙන් ඔබ වෙතද අපි දේව පණිවිඩ පහළ කළෙමු. ඔබ දූතවරුන් අතරින් අලුත් කෙනෙකු නොවේ. අපි නූහ්ට දේව පණිවිඩ පහළ කළෙමු. ඔහුගෙන් පසු පැමිණි නබිවරුන්හටද දේව පණිවිඩ පහළ කළෙමු. ඉබ්රාහිම්ටද දේව පණිවිඩ පහළ කළෙමු. එතුමාගේ දරුවන් වන ඉස්මාඊල් හා ඉස්හාක්ටද ඉස්හාක්ගේ පුතණුවන් වූ යඃකූබ්ටද අස්බාත් (යඃකූබ්ගේ දරුපරපුරෙන් පැවත එන ඉස්රාඊල් දරුවන්ගේ ගෝත්රවලට අයත් නබිවරුන් දොළොස් දෙනා)හටත් අපි දේව පණිවිඩ පහළ කළෙමු. තවද ඊසා, අය්යූබ්, යූනුස්, හාරූන්, සුලෙයිමාන් යන නබිවරුන්ටද අපි දේව පණිවිඩ පහළ කළෙමු. එමෙන්ම දාවූද්ට පුස්තකයක් පිරිනැමුවෙමු. එය සබූර් විය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න