සූරා 4 · ජුස් 6

An-Nisa · 4:162

لَٰكِنِ الرَّاسِخُونَ فِي الْعِلْمِ مِنْهُمْ وَالْمُؤْمِنُونَ يُؤْمِنُونَ بِمَا أُنْزِلَ إِلَيْكَ وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ ۚ وَالْمُقِيمِينَ الصَّلَاةَ ۚ وَالْمُؤْتُونَ الزَّكَاةَ وَالْمُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ أُولَٰئِكَ سَنُؤْتِيهِمْ أَجْرًا عَظِيمًا

නමුත් ඔවුන් අතුරින් දැනුමෙහි ඉතා තීක්ෂකයින් ද දේව විශ්වාස වන්තයින් ද නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ද නුඹට පෙර පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරති. තවද සලාතය විධිමත් ව ඉටු කරන්නන් ද zසකාත් දෙන්නන් ද අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නන් ද වන මොවුනට අපි අතිමහත් ප්‍රතිඵල පිරිනමන්නෙමු.

තෆ්සීර්

දූතය, යුදෙව්වන් අතරින් දැනුම ලබා එහි ස්ථීර ව සිටින්නන් ද ඔබට අල්ලාහ් පහළ කළ කුර්ආනය සැබෑවක් බව පවසන, දෙවියන් විශ්වාස කර ඔබට පෙර පහළ වූ තව්රාත් හා ඉන්ජීලය වැනි දේව පුස්තක සැබෑවක් ලෙස පිළිගන්න, සලාතය ඉටු කර, තම ධනයෙන් සකාත් පිරිනමන, අල්ලාහ් ඒකීය යැයි තහවුරු කොට, ඔහුට කිසිදු හවුල්කරුවකු සම්බන්ධ නොකළ, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සැබෑවක් ලෙස පිළිගන්නන් වනාහි මෙවන් ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූවන්හට අතිමහත් තිළිණ අපි මතු පිරිනමමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න