සූරා 4 · ජුස් 6

An-Nisa · 4:160

فَبِظُلْمٍ مِنَ الَّذِينَ هَادُوا حَرَّمْنَا عَلَيْهِمْ طَيِّبَاتٍ أُحِلَّتْ لَهُمْ وَبِصَدِّهِمْ عَنْ سَبِيلِ اللَّهِ كَثِيرًا

යුදෙව් වූවන්ගේ අපරාධ හේතු වෙන් ඔවුනට අනුමත කරනු ලැබූ පිවිතුරු දෑ ඔවුනට අපි තහනම් කළෙමු. එය අල්ලාහ්ගේ මාර්ගයෙන්බොහෝ දෙනා ව ඔවුන් වැළකූ හෙයිනි.

තෆ්සීර්

යුදෙව්වන්ගේ අපරාධ හේතුවෙන් ඔවුනට අනුමත වූ යහපත් ආහාර සමහරක් අපි ඔවුනට තහනම් කළෙමු. නිය සහිත සෑම සත්වයෙක්ම අපි ඔවුනට තහනම් කළෙමු. ගවයින් හා එළුවන් අතරින් උන්ගේ පිට මත උසුලා සිටින දෑ හැර උන් දෙදෙනාගේ මේදය අපි තහනම් කළෙමු. අල්ලාහ්ගේ මාර්ගයෙන් තමන් හා අනුන් වැළැක් වූ හේතුවෙන් එය ඔවුනට දඬුවමක් වශයෙන් යහපත් දැයින් වළක්වන තරමට විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න