සූරා 4 · ජුස් 6
An-Nisa · 4:159
وَإِنْ مِنْ أَهْلِ الْكِتَابِ إِلَّا لَيُؤْمِنَنَّ بِهِ قَبْلَ مَوْتِهِ ۖ وَيَوْمَ الْقِيَامَةِ يَكُونُ عَلَيْهِمْ شَهِيدًا
දේව ග්රන්ථය ලැබූ කිසිවෙකු ඔහු (මෙලොවට පැමිණ) මරණයට පත් වීමට මත්තෙන් ඔහු ව විශ්වාස කරනවා මිස නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු ඔවුනට එරෙහි ව සාක්ෂිකරුවකු වනු ඇත.
තෆ්සීර්
ඊසා (අලය්හිස් සලාම්) තුමා අවසන් කාලයේ පහළ වී මරණයට පත් වීමට පෙර ආගම් ලත් ජනයා අතරින් කිසිවකු එතුමාණන් ව විශ්වාස කරනු මිස නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ ක්රියාවන්ට හා ඒවා නියමිත පිළිවෙතට අනුකූල වන හා එයට පටහැණි වන දෑට සාක්ෂිකරුවකු වශයෙන් ඊසා (අලය්හිස් සලාම්) තුමා පෙනී සිටිනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න