සූරා 4 · ජුස් 6
An-Nisa · 4:154
وَرَفَعْنَا فَوْقَهُمُ الطُّورَ بِمِيثَاقِهِمْ وَقُلْنَا لَهُمُ ادْخُلُوا الْبَابَ سُجَّدًا وَقُلْنَا لَهُمْ لَا تَعْدُوا فِي السَّبْتِ وَأَخَذْنَا مِنْهُمْ مِيثَاقًا غَلِيظًا
තවද අපි ඔවුන්ගෙන් ප්රතිඥාවක් ගැනීමට තූර් කන්ද ඔවුනට ඉහළින් ඔසවා තැබුවෙමු. තවද අපි හිස නමා දොරටුවෙන් ඇතුළු වනු යැයි ඔවුනට පැවසුවෙමු. තවද (මසුන් ඇල්ලීමෙහි) සෙනසුරාදා සීමාව ඉක්මවා නොයනු යැයි ද පැවසුවෙමු. තවද අපි ඔවුන්ගෙන් ඉතා බලවත් ප්රතිඥාවක් ගත්තෙමු.
තෆ්සීර්
ඔවුන් වෙතින් ස්ථීර ගිවිසුම ගැනීම හේතුකොට ගෙන එහි ඇති දෑ ඔවුන් දැන ගනු පිණිස බිය ගැන්වීමක් වශයෙන් ඔවුනට ඉහළින් අපි තූර් නම් කන්ඳ ඔසවා තැබුවෙමු. එසේ ඔසවා තැබූ පසු 'හිස් පහත් කොට නමස්කාර කරමින් බයිතුල් මක්දිස් දොරටුවට පිවිසෙනු' යැයි පැවසුවෙමු. නමුත් ඔවුහු පසුපසලා බඩගාමින් ඒ වෙත ඇතුළු වූහ. තවද ඔබ සෙනසුරාදා දිනයේ මසුන් අල්ලමින් සීමාව ඉක්මවා කටයුතු නොකරනු. සීමාව ඉක්මවා ගොස් දඬයම් කිරීම මිස වෙනත් කිසිවක් ඔවුනට තහනම් නොවීය. ඒ පිළිබඳ දැඩි ස්ථීර ගිවිසුමක් ඔවුන් වෙතින් ගත්තෙමු. නමුත් ඔවුහු ගනු ලැබූ ගිවිසුම උල්ලංඝනය කළෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න