සූරා 4 · ජුස් 6

An-Nisa · 4:153

يَسْأَلُكَ أَهْلُ الْكِتَابِ أَنْ تُنَزِّلَ عَلَيْهِمْ كِتَابًا مِنَ السَّمَاءِ ۚ فَقَدْ سَأَلُوا مُوسَىٰ أَكْبَرَ مِنْ ذَٰلِكَ فَقَالُوا أَرِنَا اللَّهَ جَهْرَةً فَأَخَذَتْهُمُ الصَّاعِقَةُ بِظُلْمِهِمْ ۚ ثُمَّ اتَّخَذُوا الْعِجْلَ مِنْ بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَاتُ فَعَفَوْنَا عَنْ ذَٰلِكَ ۚ وَآتَيْنَا مُوسَىٰ سُلْطَانًا مُبِينًا

දේව ග්‍රන්ථ ලද්දවුන් තමන් වෙත අහසින් ග්‍රන්ථයක් නුඹ පහළ කළ යුතු යැයි නුඹෙන් විමසා සිටිති. ඔවුහු මූසාගෙන් ද මීට වඩා බරතපතළ දෑ ඉල්ලා සිටියහ. එවිට ඔවුහු අපට අල්ලාහ් ව ප්‍රසිද්ධියේ පෙන්වන්නැයි පවසා සිටියහ. පසුව ඔවුන්ගේ අපරාධ හේතුවෙන් ඔවුන් ව අකුණු හඬ හසුකර ගත්තේය. පසුව ඔවුන් තමන්ට පැහැදිලි සාධක පැමිණි පසුව වසු පැටවා (නැමදුමට) ගත්හ. අනතුරු ව අපි ඒ සඳහා සමාව දුනිමු. තවද අපි මූසාට පැහැදිලි සාධකයක් පිරිනැමුවෙමු.

තෆ්සීර්

දූතය, ඔබේ සත්යතාවට සලකුණක් වශයෙන් අහසින් පුස්තකයක් එකවර මූසා තුමාට පහළ කළාක් මෙන් තමන් වෙතත් පුස්තකයක් පහළ කර දෙන ලෙස යුදෙව්වෝ ඔබෙන් විමසති. එය ඔබ වැදගත් කොට නොසලකනු. මොවුන් විමසා සිටින දෑට වඩා බරපතළ දෑ එනම් තම දෑස් ඉදිරිපිට දෙවියන් පෙන්වන්නැයි ඔවුන්ගේ මුතුන් මිත්තෝ මූසාගෙන් ඉල්ලා සිටියහ. ඔවුන් සිදුකළ වරද හේතුවෙන් ඔවුන් විනාශයට පත් වූහ. පසු ව අල්ලාහ් ඔවුන් යළි අවදි කරවීය. අල්ලාහ්ගේ ඒකීයභාවය හා ඔහුගේ ඒකීයත්වයේ හා පාලනයේ ඒකීයභාවය පෙන්වා දෙන පැහැදිලි සංඥා ඔවුන් වෙත පහළ වූවායින් පසු ව පවා ඔවුහු අල්ලාහ් හැර දමා වසු පැටවා වන්දනාමානයට ගත්හ. පසු ව අපි ඔවුනට සමාව දුනිමු. තම ප්රජාවට පැහැදිලි කරනු වස් අපි මූසාට සාධක පිරිනැමුවෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න