සූරා 4 · ජුස් 6
An-Nisa · 4:152
وَالَّذِينَ آمَنُوا بِاللَّهِ وَرُسُلِهِ وَلَمْ يُفَرِّقُوا بَيْنَ أَحَدٍ مِنْهُمْ أُولَٰئِكَ سَوْفَ يُؤْتِيهِمْ أُجُورَهُمْ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا
අල්ලාහ් ව හා ඔහුගේ රසූල්වරයා ව විශ්වාස කර ඔවුන්ගෙන් කිසිවෙකු අතර වෙනස් කම් නොකළවුන් වනාහී ඔවුන්ගේ ප්රතිඵල ඔවුනට ඔහු මතුවට ලබා දෙයි. තවද අල්ලාහ් අතික්ෂමාශීලීය. අසමසම කරුණාවන්තය
තෆ්සීර්
තවද ඔවුන් වනාහි අල්ලාහ් ව විශ්වාස කර ඔහු ඒකීයයත්වයට පත් කළෝය. ඔහුගේ සියලු දූතවරුන් විශ්වාස කර දේව ප්රතික්ෂේපකයින් වෙන් කළාක් මෙන් ඔවුන් අතර වෙන් කිරීමක් සිදු නොකළෝය. ඔවුන් සියලු දූතවරුන් විශ්වාස කළෝය. එවැන්නන්ට ඔවුන්ගේ විශ්වාසයේ හා එමගින් ඔවුන් සිදු කළ දැහැමි ක්රියාවන්හි ප්රතිඵල වශයෙන් මහත් තිළිණ අල්ලාහ් ඔවුනට පිරිනමනු ඇත. තම ගැත්තන් අතුරින් පාපක්ෂමාව අයැද ඔහු වෙත නැඹුරුවන්නන්හට ඔහු අති ක්ෂමාශීලීය. ඔවුන් පිළිබඳ මහා කාරුණිකය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න