සූරා 4 · ජුස් 6
An-Nisa · 4:155
فَبِمَا نَقْضِهِمْ مِيثَاقَهُمْ وَكُفْرِهِمْ بِآيَاتِ اللَّهِ وَقَتْلِهِمُ الْأَنْبِيَاءَ بِغَيْرِ حَقٍّ وَقَوْلِهِمْ قُلُوبُنَا غُلْفٌ ۚ بَلْ طَبَعَ اللَّهُ عَلَيْهَا بِكُفْرِهِمْ فَلَا يُؤْمِنُونَ إِلَّا قَلِيلًا
ඔවුන්ගේ ප්රතිඥාවන් ඔවුන් බිඳ දැමූ හෙයින් ද අල්ලාහ්ගේ සංඥාවන් ඔවුන් ප්රතික්ෂේප කළ හෙයින් ද කිසිදු යුක්තියකින් තොරව නබිවරුන් ව ඔවුන් ඝාතනය කළ හෙයින් ද අපගේ හදවත් වැසී ඇතැයි ඔවුන් පැවසූ හෙයින් ද (අල්ලාහ් ඔවුන් ව විනාශ කළේය) එමෙන්ම ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඒ මත අල්ලාහ් මුද්රා තැබුවේය. එබැවින් ස්වල්ප දෙනෙකු මිස ඔවුහු විශ්වාස නොකරති.
තෆ්සීර්
ස්ථීර ගිවිසුම ඔවුන් කඩ කිරීම හේතුවෙන් ද, අල්ලාහ්ගේ වදන් ඔවුන් ප්රතික්ෂේප කළ හේතුවෙන්ද, ඔවුන් නබිවරුන් ඝාතනය කළ වැරැද්ද හේතුවෙන්ද, එමෙන්ම ඔවුහු ''අපගේ හදවත් ආවර්ණයක් තුළ ඇත. එබැවින් ඔබ පවසන දෑ අපට වටහා ගත නොහැක'' යැයි මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාහට පැවසූ හේතුවෙන්ද අපි අපගේ කරුණාවෙන් ඔවුන් පහ කළෙමු. කරුණ ඔවුන් පවසන සේ නැත. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්රා තැබුවේය. එහෙයින් ඔවුන් තුළට යහපත නොපිවිසෙයි. එහෙයින් ඔවුන් තුළ ස්වල්ප විශ්වාසයක් මිස වෙනත් කිසිවක් නැත. එය ඔවුනට ප්රයෝජනවත් නොවනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න