සූරා 4 · ජුස් 6
An-Nisa · 4:148
۞ لَا يُحِبُّ اللَّهُ الْجَهْرَ بِالسُّوءِ مِنَ الْقَوْلِ إِلَّا مَنْ ظُلِمَ ۚ وَكَانَ اللَّهُ سَمِيعًا عَلِيمًا
අපරාධයට ලක්වූවන් හැර වෙනත් කිසිවෙකු නපුරු වදනින් ප්රසිද්ධියේ පැවසීම අල්ලාහ් ප්රිය නොකරයි. තවද අල්ලාහ් සර්වශ්රාවක සර්වඥානී විය.
තෆ්සීර්
නපුරු වදන් ප්රසිද්ධියේ පැවසීම අල්ලාහ් ප්රිය කරන්නේ නැත. ඔහු ඒ කෙරෙහි කෝප වෙයි. ඒ පිළිබඳ අවවාද කරයි. නමුත් අපරාධයට ලක් වූ අයකු තම අපරාධකරු පිළිබඳ පැමිණිලි කර සිටීම, ඔහුට එරෙහිව ප්රාර්ථනා කිරීම, ඔහුගේ ප්රකාශට සමාන ව ප්රකාශයක් සිදු කිරීම වැනි නපුරු ප්රකාශයක් ප්රසිද්ධියේ පැවසීමට ඔහුට අනුමැතිය ඇත. නමුත් එසේ නපුරු ප්රකාශයක් ප්රසිද්ධියේ පැවසීමට වඩා අපරාධයට ලක් වූ තැනැත්තා ඉවසීමෙන් කටයුතු කිරීම වඩාත් උතුම්ය. අල්ලාහ් ඔබගේ ප්රකාශයන්ට මැනවින් සවන් දෙන්නාය. ඔබගේ චේතනාවන් පිළිබඳ මැනවින් දන්නාය. එහෙයින් නපුරු ප්රකාශයක් කිරීමෙන් හා ඒ ගැන සිතීමෙන් ප්රවේශම් විය යුතුය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න