සූරා 4 · ජුස් 5
An-Nisa · 4:147
مَا يَفْعَلُ اللَّهُ بِعَذَابِكُمْ إِنْ شَكَرْتُمْ وَآمَنْتُمْ ۚ وَكَانَ اللَّهُ شَاكِرًا عَلِيمًا
නුඹලා (අල්ලාහ්ට) කෘතවේදී වී විශ්වාස කළේ නම් අල්ලාහ් නුඹලාට දඬුවම් කරනුයේ ඇයි? තවද අල්ලාහ් කෘතවේදීය. සර්වඥානීය.
තෆ්සීර්
ඔබ අල්ලාහ්ට කෘතඥ වී, ඔහු ව තරයේ විශ්වාස කළේ නම් ඔබ ව දඬුවමට ලක් කිරීමට කිසිදු අවශ්යතාවක් ඔහුට නැත. ඔහු ඉතා දයානුකම්පිතය. මහා කරුණාභරිතය. සැබැවින්ම ඔහු ඔබ දඬුවමට ලක් කරනුයේ ඔබ කරන පාපකම් හේතුවෙනි. ඔබ කරන ක්රියාවන් විධිමත් ව සිදු කොට ඔහුගේ ආශිර්වාද සඳහා ඔබ ඔහුට කෘතඥ වී බාහිර ව මෙන්ම අභ්යන්තරයෙන්ද ඔහු ව තරයේ විශ්වාස කරන්නෙහු නම් ඔහු ඔබට දඬුවම් නොකරන්නේමය. තම ආශිර්වාදයන් පිළිගත් අයට අල්ලාහ් කෘතවේදී වෙයි. ඒ සඳහා ඔහු ඔවුනට තිළිණ පිරිනමයි. ඔහුගේ මැවීම් තුළ ඇති විශ්වාසය ඔහු මැනවින් දන්නාය. සෑම ක්රියාවක් සඳහාම ඔහු මතු ප්රතිඵල පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න