සූරා 4 · ජුස් 5

An-Nisa · 4:146

إِلَّا الَّذِينَ تَابُوا وَأَصْلَحُوا وَاعْتَصَمُوا بِاللَّهِ وَأَخْلَصُوا دِينَهُمْ لِلَّهِ فَأُولَٰئِكَ مَعَ الْمُؤْمِنِينَ ۖ وَسَوْفَ يُؤْتِ اللَّهُ الْمُؤْمِنِينَ أَجْرًا عَظِيمًا

නමුත් පාප සමාව අයැද තමන් ව හැඩගස්වා අල්ලාහ් පිළිබඳ ව තදින් ග්‍රහණය කොට තම දහම අල්ලාහ්ට පමණක් අවංක ව පිළිපඳින්නන් හැර. ඔවුහු දේව විශ්වාසවන්තයින් සමඟය. දේව විශ්වාසවන්තයින්ට අල්ලාහ් අතිමහත් ප්‍රතිඵල දෙනු ඇත.

තෆ්සීර්

නමුත් තම කුහකත්වයෙන් මිදී පසුතැවිලි වී අල්ලාහ් වෙත නැඹුරු වෙමින් තම අභ්යන්තර කටයුතු විධිමත් කර ගනිමින් අල්ලාහ්ගේ ගිවිසුම මැනවින් ග්රහණය කර ගනිමින් කිසිදු කුහකත්වයකින් තොර ව තම ක්රියාවන් අවංක ව අල්ලාහ්ට පුදකරමින් කටයුතු කළ උදවිය හැර. මෙම ගුණාංග වලින් වර්ණනා කළවුන් වනාහි මෙලොව හා මතු ලොව දේව විශ්වාසී ගැත්තන් සමග වෙති. එවන් දේව විශ්වාසී ගැත්තන් හට අතිමහත් තිළිණ අල්ලාහ් මතු පිරිනමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න