සූරා 4 · ජුස් 5
An-Nisa · 4:143
مُذَبْذَبِينَ بَيْنَ ذَٰلِكَ لَا إِلَىٰ هَٰؤُلَاءِ وَلَا إِلَىٰ هَٰؤُلَاءِ ۚ وَمَنْ يُضْلِلِ اللَّهُ فَلَنْ تَجِدَ لَهُ سَبِيلًا
ඔවුහු (දේව විශ්වාසය හා ප්රතික්ෂේපය යන) ඒ අතර දෝලනය වෙමින් සිටිති. ඔවුහු මොවුන් වෙතද නොවෙති. තවද ඔවුන් වෙත ද නොවෙති. තවද අල්ලාහ් කවරෙකු ව නොමඟ යැව්වේද එවිට ඔහු වෙනුවෙන් වූ කිසිදු මඟක් නුඹ නොදකින්නෙහිමය.
තෆ්සීර්
මෙම කුහකයෝ දෙගිඩියාවෙන් පසුවෙති. එහෙයින් ඔවුන් ප්රකටව හෝ අප්රකටව හෝ දෙවියන් විශ්වාස කරන්නන් සමග හෝ දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග නැත. නමුත් ඔවුන්ගේ බාහිරය දෙවියන් විශ්වාස කරන්නන් සමගද ඔවුන්ගේ අභ්යන්තරය දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග ද වේ. අහෝ දූතය! කවරෙකු අල්ලාහ් නොමග යන්නට ඉඩ හැරියේද එම නොමග යෑමෙන් ඔහු වෙත යහමග පෙන්වන්නට කිසිදු මාර්ගයක් ඔබ නොදකිනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න