සූරා 4 · ජුස් 5

An-Nisa · 4:142

إِنَّ الْمُنَافِقِينَ يُخَادِعُونَ اللَّهَ وَهُوَ خَادِعُهُمْ وَإِذَا قَامُوا إِلَى الصَّلَاةِ قَامُوا كُسَالَىٰ يُرَاءُونَ النَّاسَ وَلَا يَذْكُرُونَ اللَّهَ إِلَّا قَلِيلًا

නියත වශයෙන්ම කුහකයින් අල්ලාහ් ව රවටති. ඔහු (අල්ලාහ්) ද ඔවුන්ව රවටා දමන්නාය. තවද ඔවුහු සලාතය වෙත සිට ගත් විට කම්මැළියන් ලෙසත් ජනයාට පෙන්වන්නන් ලෙසත් සිට ගනිති. ඔවුහු ස්වල්පයක් මිස අල්ලාහ්ට මෙනෙහි නොකරති.

තෆ්සීර්

සැබැවින්ම කුහකයෝ ඉස්ලාමය මතුපිටින් පෙන්වා තම කුහකත්වය සිත් තුළ සගවා ගෙන අල්ලාහ්ට වංචා කරති. සැබැවින්ම අල්ලාහ් ඔවුනට ප්රතිචාර දක්වන්නාය. සැබැවින්ම ඔහු ඔවුන්ගේ කුහකත්වය පිළිබඳ මැනවින් දැන සිටිය දී පවා ඔහු ඔවුනට ජීවිතාරක්ෂාව සපයයි. නමුත් මතුලොවෙහි ඔවුන් සඳහා දැඩි දඬුවම් සූදානම් කර ඇත. ඔවුන් සලාත් ඉටු කිරීම සඳහා නැගිට සිටින විට පිළිකුලෙන් මැලිවෙමින් නැගිට සිටිති. මිනිසුන් ඔවුන් දෙස බලා ගරු කිරීම ඔවුන් අපේක්ෂා කරති. ඔවුන් අල්ලාහ්ට අවංක නොවෙති. දෙවියන් කෙරෙහි විශ්වාස තබන්නන් ඔවුන් දුටු විට ස්වල්පයක් මිස ඔවුහු අල්ලාහ්ව මෙනෙහි නොකරති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න