සූරා 4 · ජුස් 5
An-Nisa · 4:141
الَّذِينَ يَتَرَبَّصُونَ بِكُمْ فَإِنْ كَانَ لَكُمْ فَتْحٌ مِنَ اللَّهِ قَالُوا أَلَمْ نَكُنْ مَعَكُمْ وَإِنْ كَانَ لِلْكَافِرِينَ نَصِيبٌ قَالُوا أَلَمْ نَسْتَحْوِذْ عَلَيْكُمْ وَنَمْنَعْكُمْ مِنَ الْمُؤْمِنِينَ ۚ فَاللَّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ الْقِيَامَةِ ۗ وَلَنْ يَجْعَلَ اللَّهُ لِلْكَافِرِينَ عَلَى الْمُؤْمِنِينَ سَبِيلًا
ඔවුහු වනාහි නුඹලා ගැන මාන බලමින් සිටිති. එනම්, නුඹලාට අල්ලාහ් වෙතින් යම් ජයක් වී නම් ‘අපි නුඹලා සමඟ නොවූයෙම් දැ’ යි පවසති. නමුත් දේව ප්රතික්ෂේපකයින්ට (ජයග්රහණයෙන්) කොටසක් වූයේ නම් අප ‘නුඹලා ව අබිබවා යන්නට තිබුණද දේව විශ්වාස වන්තයින්ගෙන් නුඹලා ව අපි වැළැක්වූයේ නැති දැ’ යි (ඔවුනට) පවසති. අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින නුඹලා අතර තීන්දු දෙනු ඇත. දේව විශ්වාසවන්ත යින්ට එරෙහි ව (ක්රියා) මාර්ගයක් ගැනීමට දේව ප්රතික්ෂේපකයින්ට අල්ලාහ් (ඉඩ) නොතැබුවේමය.
තෆ්සීර්
නුඹලාට යම් යහපතක් හෝ අයහපතක් ඇති වීම ගැන මාන බලමින් සිටින්නන් වනාහි: නුඹලාට අල්ලාහ්ගෙන් වූ ජයග්රහණයක් පැමිණ නුඹලා සතුරන් විසින් දමා ගිය භාණ්ඩ අත්පත් කර ගත්තෙහු නම්, ඔවුහු: අපි නුඹලා සමග නොසිටියෙමු ද නුඹලා මුහුණ දුන් දෑට අපිත් මුහුණ දුන්නෙමු යැයි පවසා එම අත්පත් කර ගත් යුධ භාණ්ඩ ඔවුන් ද ලබා ගනිති. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට පක්ෂ වූ විට ඔවුහු ඔවුන් දෙස බලා: අපි නුඹලාගේ කටයුතු භාර නොගත්තෙමු ද? උපකාර කරමින් හා අවදානයෙන් හිඳ අපි නුඹලාව ආවරණය නොකළෙමු ද? නුඹලාට උපකාර කරමින් ඔවුන් පහළට ඇද දමමින් දෙවියන් විශ්වාස කරන්නන්ගෙන් අපි නුඹලා ආරක්ෂා නොකළෙමු ද? යැයි පවසති. එනමුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා සියලු දෙනා අතර අල්ලාහ් තීන්දු දෙනු ඇත. දේව විශ්වාසීන් ස්වර්ගයට ඇතුළත් කිරීමෙන් ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත. කුහකයින් නිරා ගින්නේ පහළම තලයට ඇද දමමින් ඔහු ප්රතිවිපාක දෙනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව විශ්වාසීන්ට එරෙහිව කටයුතු කිරීමේ කිසිදු සාධකයක් දේව ප්රතික්ෂේපකයින්හට අල්ලාහ් තම භාග්යය හේතුවෙන් තබන්නේම නැත. නමුත් අවසාන ජයග්රහණය, දේව විශ්වාසීන් සැබෑ විශ්වාසයෙන් යුතුව ආගමික කටයුතු සිදු කරන තාක් කල් ඔවුනට හිමි වනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න