සූරා 4 · ජුස් 5

An-Nisa · 4:140

وَقَدْ نَزَّلَ عَلَيْكُمْ فِي الْكِتَابِ أَنْ إِذَا سَمِعْتُمْ آيَاتِ اللَّهِ يُكْفَرُ بِهَا وَيُسْتَهْزَأُ بِهَا فَلَا تَقْعُدُوا مَعَهُمْ حَتَّىٰ يَخُوضُوا فِي حَدِيثٍ غَيْرِهِ ۚ إِنَّكُمْ إِذًا مِثْلُهُمْ ۗ إِنَّ اللَّهَ جَامِعُ الْمُنَافِقِينَ وَالْكَافِرِينَ فِي جَهَنَّمَ جَمِيعًا

අල්ලාහ්ගේ වදන් වලට නුඹලා සවන් දෙන විට ඒවා ප්‍රතික්ෂේප කරනු ලබන්නේ නම් හෝ එය සමච්චලයට ලක් කරනු ලබන්නේ නම් හෝ ඔවුහු ඒ හැර වෙනත් කතාවක නියැළෙන තෙක් නුඹලා ඔවුන් සමඟ වාඩි නොවවු. (නැතහොත්) නියත වශයෙන්ම නුඹලා ද එවිට ඔවුන් මෙන් වන්නෙහුය යැයි පුස්තකයේ නුඹලා වෙත පහළ කර ඇත. නියත වශයෙන්ම අල්ලාහ් කුහකයින් හා දේව ප්‍රතික්ෂේප කයින් යන සියල්ලෝම නිරයට එක් රැස් කරන්නාය.

තෆ්සීර්

අහෝ විශ්වාසී ජනයිනි, ශුද්ධ වූ අල් කුර්ආනයේ අල්ලාහ් නුඹලා වෙත මෙසේ පහළ කර ඇත: නියත වශයෙන්ම නුඹලා යම් සභාවක වාඩි වී, එහි අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කරන හා ඒවා අපහාසයට ලක් කරන කිසිවකුට නුඹලා සවන් දුන් විට, අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප නොකරන, ඒවා අපහාසයට පත් නොකරන දෑ ඔවුන් කතා කරන තෙක් ඔවුන් සමග වාඩි නොවනු. ඔවුන්ගේ සභාවෙන් ඉවත යෑම නුඹලා වෙත අනිවාර්යය වේ. අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කොට ඒවා අපහාසයට ලක් කරන තත්තවයේ නුඹලා එයට සවන් දීමෙන් පසු, ඔවුන් සමග නුඹලා වාඩි වී සිටින විට, අල්ලාහ්ගේ නියෝගයට විරුද්ධවීමෙහි නුඹලා ද ඔවුනට සමාන වනු ඇත. ඔවුන්ගේ ප්රතික්ෂේපය තුළින් ඔවුහු අල්ලාහ්ට පිටුපෑවාක් මෙන් නුඹලාද ඔවුන් සමග වාඩි වී අල්ලාහ්ට පිටුපාන බැවිනි. ඉස්ලාමය මතුපිටින් පෙන්වා දේව ප්රතික්ෂේපය (සිතේ) අභ්යන්තරයේ සගවා ගෙන සිටින කුහකයින් දේව ප්රතික්ෂේපකයින් සමග මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නට එක් රැස් කරනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න