සූරා 4 · ජුස් 5

An-Nisa · 4:139

الَّذِينَ يَتَّخِذُونَ الْكَافِرِينَ أَوْلِيَاءَ مِنْ دُونِ الْمُؤْمِنِينَ ۚ أَيَبْتَغُونَ عِنْدَهُمُ الْعِزَّةَ فَإِنَّ الْعِزَّةَ لِلَّهِ جَمِيعًا

දේව විශ්වාසවන්තයින් හැර දමා දේව ප්‍රතික්ෂේපකයින් ව භාරකරුවන් ලෙස ගත්තවුන් (දේව ප්‍රතික්ෂේපකයින් වන) ඔවුන්වෙතින් ගෞරවය සොයන්නෝ ද? (දැන ගනු) සැබැවින්ම සියලු ගෞරවයන් අල්ලාහ් සතුය.

තෆ්සීර්

මෙම දඬුවම වනාහි ඔවුන් දේව විශ්වාසීන් හැර දමා දේව ප්රතික්ෂේපකයින් උදව් කරුවන් හා පිහිට වන්නන් බවට ගත් බැවිනි. ඔවුන්ව භාරකරුවන් බවට පත් කර ගැනීම පුදුමයකි. ඔවුහු උසස්කම් ලබනු පිණිස ඔවුන් අබියස බලය හා ආරක්ෂාව පතන්නෙහු ද? සියලුම ගෞරවය සතු වන්නේ අල්ලාහ්ටමය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න