සූරා 4 · ජුස් 5

An-Nisa · 4:136

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا آمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَالْكِتَابِ الَّذِي نَزَّلَ عَلَىٰ رَسُولِهِ وَالْكِتَابِ الَّذِي أَنْزَلَ مِنْ قَبْلُ ۚ وَمَنْ يَكْفُرْ بِاللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ وَالْيَوْمِ الْآخِرِ فَقَدْ ضَلَّ ضَلَالًا بَعِيدًا

අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ් ව ද ඔහුගේ දූතයාණන් ව ද ඔහුගේ දූතයාණන් වෙත පහළ කළා වූ පුස්තකය ද ඊට පෙර පහළ කළා වූ පුස්තක ද විශ්වාස කරනු. කවරෙකු අල්ලාහ් ව ද ඔහුගේ මලක්වරු ද ඔහුගේ පුස්තක ද ඔහුගේ දූතවරුන් ද අවසන් දිනය ද ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින්ම ඔහු අන්ත මුළාවකින් නොමඟ විය.

තෆ්සීර්

අහෝ දෙවියන් විශ්වාස කළවුනි, අල්ලාහ්, ඔහුගේ දූතයාණන්, ඔහුගේ දූතයාණන්ට පහළ කළ කුර්ආනය, එතුමාණන්ට පෙර සිටි දූතවරුන්ට පහළ කළ දිව්යමය ග්රන්ථ පිළිබඳව නුඹලා විශ්වාස කිරීමෙහි ස්ථාවරව සිටිනු. කවරෙකු අල්ලාහ්, ඔහුගේ මලක්වරුන්, ඔහුගේ පුස්තක, ඔහුගේ දූතවරුන් හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ප්රතික්ෂේප කරන්නේද ඔහු සැබැවින්ම ඍජු මාර්ගයෙන් ඉතා අන්තයට දුරස් ව ගොස් ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න