සූරා 4 · ජුස් 5

An-Nisa · 4:135

۞ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ بِالْقِسْطِ شُهَدَاءَ لِلَّهِ وَلَوْ عَلَىٰ أَنْفُسِكُمْ أَوِ الْوَالِدَيْنِ وَالْأَقْرَبِينَ ۚ إِنْ يَكُنْ غَنِيًّا أَوْ فَقِيرًا فَاللَّهُ أَوْلَىٰ بِهِمَا ۖ فَلَا تَتَّبِعُوا الْهَوَىٰ أَنْ تَعْدِلُوا ۚ وَإِنْ تَلْوُوا أَوْ تُعْرِضُوا فَإِنَّ اللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا

අහෝ දේව විශ්වාස කළවුනි! නුඹලාට එරෙහි ව හෝ දෙමාපියන් හා සමීප ඥාතීන්ට එරෙහි ව වුව ද නුඹලා යුක්තිය ඉටු කරන්නන් ලෙසත් අල්ලාහ් වෙනුවෙන් සාක්ෂි දරන්නන් ලෙසත් සිටිනු. ඔහු පොහොසතෙකු වුව ද දුගියකු වුව ද (කම් නැත) අල්ලාහ් ඔවුන් දෙදෙනාටම භාරකරුය. එබැවින් නුඹලා යුක්තිය ඉටු කිරීමෙහි මනෝ ආශාවන් පිළි නොපදිනු. තවද නුඹලා (සාක්ෂි දැරීමට) යොමු වුව ද පිටුපෑව ද සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.

තෆ්සීර්

අහෝ අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන්ව විශ්වාස කළවුනි, නුඹලා සෑම අවස්ථාවකම යුක්තිය හා සාධාරණය වෙනුවෙන් නැගී සිටිනු. සෑම කෙනෙකු සමගම සැබෑ සාක්ෂි ඉටු කරන්නන් වනු. එය නුඹලාට හෝ නුඹලාගේ දෙමව්පියන්ට හෝ නුඹලාගේ සමීප ඥාතීන්ට එරෙහි ව පිළිගන්නට වුව ද කිසිවකුගේ දිළිඳුකම හෝ පොහොසත්කම හෝ එම සාක්ෂිය ඉදිරිපත් කිරීමට හෝ අතහැර දැමීමට නුඹලාට බරක් නොවිය යුතුය. නුඹලාට වඩා දිළින්දා හා පොහොසතා පිළිබඳ උරුමය අල්ලාහ් සතුය. ඔවුන් දෙදෙනාගේ යහපත පිළිබඳ ව ඔහු මැනවින් දනී. සත්යයෙන් වෙනතකට යොමුවනු පිණිස නුඹලා සාක්ෂි ඉදිරිපත් කිරීමේදී ආශාවන්ට වහල් වී ඒවා අනුගමනය නොකරනු. නුඹලා සාක්ෂිය එහි නියම ස්වරූපයෙන් තොර ව වෙනත් යමක් ඉදිරිපත් කරමින් එය විකෘති කරන්නෙහු නම් හෝ එය ඉටු කිරීමට ප්රතික්ෂේප කරන්නෙහු නම් සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ සියලු තොරතුරු දන්නා බව නුඹලා මැනවින් වටහා ගත යුතු වේ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න