සූරා 4 · ජුස් 5
An-Nisa · 4:137
إِنَّ الَّذِينَ آمَنُوا ثُمَّ كَفَرُوا ثُمَّ آمَنُوا ثُمَّ كَفَرُوا ثُمَّ ازْدَادُوا كُفْرًا لَمْ يَكُنِ اللَّهُ لِيَغْفِرَ لَهُمْ وَلَا لِيَهْدِيَهُمْ سَبِيلًا
සැබැවින්ම විශ්වාස කොට පසුව ප්රතික්ෂේප කොට, නැවතත් විශ්වාස කොට පසුව ප්රතික්ෂේප කොට, පසුව ප්රතික්ෂේපය වර්ධනය කර ගත්තවුනට සමාව දීමට හෝ ඔවුනට යම් මඟක් පෙන්වීමට අල්ලාහ්ට (කිසිදු අවශ්යතාවක්) නැත.
තෆ්සීර්
විශ්වාස කිරීමෙන් පසු එය අතහැර දමා, පසුව නැවතත් එහි පිවිස, පසුව නැවතත් එය අතහැර දමා, දේව විශ්වාසයෙන් පසු දේව ප්රතික්ෂේයට එසේ නැවත නැවතත් හැරී යමින් දේව ප්රතික්ෂේපයේම රුඳී සිට මියගියවුන් වනාහි ඔවුන්ගේ පාපකම්වලට අල්ලාහ් ඔවුනට කිසි දිනෙක සමාව නොදෙනු ඇත. අල්ලාහ් වෙත යොමු කරවන ඍජු මාර්ගය වෙත ඔහු ඔවුනට ආශිර්වාද නොකරනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න