සූරා 4 · ජුස් 5

An-Nisa · 4:131

وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ وَلَقَدْ وَصَّيْنَا الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَإِيَّاكُمْ أَنِ اتَّقُوا اللَّهَ ۚ وَإِنْ تَكْفُرُوا فَإِنَّ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۚ وَكَانَ اللَّهُ غَنِيًّا حَمِيدًا

අහස්හි ඇති දෑ ද මහපොළො වෙහි ඇති දෑ ද අල්ලාහ්ට හිමිය. තවද නුඹලාට පෙර පුස්තක දෙනු ලැබූවනට ද නුඹලාට ද අල්ලාහ්ට බිය බැතිමත් වනු යැයි සැබැවින්ම අපි උපදෙස් දුනිමු. තවද නුඹලා ප්‍රතික්ෂේප කරන්නෙහු නම් එවිට අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද අල්ලාහ් සතුය. තවද අල්ලාහ් පොහොසත්ය ප්‍රශංසාලාභීය. (යැයි දැන ගනු)

තෆ්සීර්

අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ හි සර්ව රාජ්යය අල්ලාහ්ට පමණක් සතුය. ඒ දෙක අතර ඇති දෑ හි රාජ්යයද ඔහු සතුය. අල්ලාහ්ගේ නියෝග පිළිපදින මෙන්ද, ඔහු තහනම් කළ දැයින් වැළකෙන මෙන්ද ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයා වෙතින් ප්රතිඥාවක් ගත් සේම ඔබ වෙතින්ද අපි ප්රතිඥාවක් ගෙන ඇත්තෙමු. මෙම ප්ර්තිඥාව ඔබ ප්රතික්ෂේප කරන්නේ නම් එහි හානිය ඔබටමය. ඔබ ඔහුට අවනත වීමෙන් කිසිදු අවශ්යතාවක් ඔහුට නොමැත. අහස්හි හා මහපොළොවේ ඇති සියලු දෑහි සර්ව රාජ්යද ඔහු සතුය. සියලු මැවීම් වල අවශ්යතාවන්ගෙන් ඔහු තොරය. ඔහුගේ සියලු ගුණාංග හා ක්රියාවන් ප්රශංසා සහගතය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න