සූරා 4 · ජුස් 5
An-Nisa · 4:129
وَلَنْ تَسْتَطِيعُوا أَنْ تَعْدِلُوا بَيْنَ النِّسَاءِ وَلَوْ حَرَصْتُمْ ۖ فَلَا تَمِيلُوا كُلَّ الْمَيْلِ فَتَذَرُوهَا كَالْمُعَلَّقَةِ ۚ وَإِنْ تُصْلِحُوا وَتَتَّقُوا فَإِنَّ اللَّهَ كَانَ غَفُورًا رَحِيمًا
තවද නුඹලා ආශා කළ ද බිරියන් අතර සාධාරණ ව කටයුතු කිරීමට නුඹලා ශක්තිය නොදරන්නෙහුමය. එබැවින් (එක් බිරියක් වෙත පමණක්) පූර්ණ නැඹුරුවකින් නැඹුරු වී (අනෙක් බිරිය වන) ඇය ව (වැන්දඹුවක් ද අඹුවක් ද යන්න ගැන) එල්ලෙන්නියක් මෙන් අත හැර නොදමනු. නුඹලා සමතයට පත් වී බිය බැතිමත් වූයේ නම් එවිට සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය. (යන්න දැන ගනු)
තෆ්සීර්
ස්වාමි පුරුෂයිනි, මුළු හදවතින් නැඹුරුවීම යන විෂයයෙහි ඔබ එයට ආශා කළ ද තම බිරියන් සමග පූර්ණ යුක්තියෙන් කටයුතු කිරීමට ඔබට නොහැකිය. එයට ඇතැම් කරුණු බලපාන්නේය. ඇතැම් විට ඔබ හිතන පතන ආකාරයට ඔබ්බෙන් ඇයගේ සිතුවිලි පිහිටිය හැක. නමුත් ප්රිය නොකරන බිරියගෙන් සම්පූර්ණයෙන් ඉවත් ව, ඇය යුතුකම් ඉටු කරන ස්වාමි පුරුෂයකුගේ බිරියක්ද එසේ නැතහොත් බිරියක් නොව, විවාහ අපේක්ෂක කාන්තාවක්ද යන්න තරමට ඇය ව අතහැර නොදැමිය යුතුය. බිරියගේ වගකීම් ඉටු කිරීම තුළින් ඇය අකමැති දෑ මත සාමකාමී ව ඔබව නිරත කරවා ඔබ අතර සාමය ඇති කරන්නට අවස්ථාව උදා වනු ඇත. ඇය සම්බන්ධයෙන් ඔබ අල්ලාහ්ට බියවන්න. සැබැවින්ම අල්ලාහ් නුඹලාට පාප ක්ෂමාව පිරිනමන්නාය. එමෙන්ම ඔබලා කෙරෙහි මහා කාරුණිකය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න