සූරා 4 · ජුස් 5
An-Nisa · 4:128
وَإِنِ امْرَأَةٌ خَافَتْ مِنْ بَعْلِهَا نُشُوزًا أَوْ إِعْرَاضًا فَلَا جُنَاحَ عَلَيْهِمَا أَنْ يُصْلِحَا بَيْنَهُمَا صُلْحًا ۚ وَالصُّلْحُ خَيْرٌ ۗ وَأُحْضِرَتِ الْأَنْفُسُ الشُّحَّ ۚ وَإِنْ تُحْسِنُوا وَتَتَّقُوا فَإِنَّ اللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا
කාන්තාවක් ඇයගේ සැමියා ගෙන් යම් මුරණ්ඩු කමක් හෝ පිටුපෑමක් ගැන බිය වෙතොත් ඔවුන් දෙදෙනා අතර එකඟතා වකින් සමතයට පැමිණීම ඔවුන් දෙදෙනා අතර වරදක් නොවේ. සමතය ශ්රේෂ්ඨය. ආත්මාවන් මසුරුකමට බඳුන් වී ඇත. නුඹලා (එකිනෙකාට) සහය දී බිය බැතිමත් වන්නේ නම් එවිට සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥාන වන්තය (යන්න දැනගනු)
තෆ්සීර්
තම ස්වාමි පුරුෂයා තමන්ගෙන් ඉවත් වන බවට හෝ ඇය විෂයෙහි ආශාවක් නොමැති බවට කාන්තාවක් බිය වූයේ නම් නඩත්තු වියදම, නවාතැන් ලබා දීම වැනි ඇතැම් අනිවාර්ය වගකීම් වලින් ඉවත් වීමෙන් ඔවුන් දෙදෙනා අතර යම් එකඟතාවක් ඇති කර ගැනීම වරදක් නැත. නමුත් දික්කසාදයට වඩා සමගි ව ජීවත් වීමය ඔවුන් දෙදෙනාහට වඩාත් උතුම් වන්නේ. ආශාවන් හා මසුරුකමෙහි ආත්මාවන් ගිලී පවතී. එහෙයින් ඇය සතු වගකීමකින් ඉවත් වන්නට ඇය ආශා නොකළ යුතුයි. ස්වාමි පුරුෂයා හා බිරිය යන දෙදෙනාම එකිනෙකාට සමාව දීම, උපකාරශීලී ව කටයුතු කිරීම වැනි කරුණු මත තම ආත්මය පුහුණු කරවා මෙම ගුණාංගයෙන් සුවය ලැබීම අත්යවශ්ය කරුණකි. ඔබගේ සියලුම කටයුතු වලදී ඔබ යහපත් අයුරින් කටයුතු කොට, අල්ලාහ්ගේ නියෝගයන් පිළිපදිමින්, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින්නේ නම් සැබැවින්ම අල්ලාහ් ඔබ සිදු කරන දෑ පිළිබඳ අභිඥානවන්තය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඒ අනුව ඔහු ඔබට ප්රතිඵල පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න